Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වසර 2023 ට යෙදෙන ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරැව නිමිති කර ගනිමින් ඉදිරි වසරක් තුළදී විවිධ ක්‍රීඩා ඉසව්වලට අයත් තරගාවලි 75 ක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැළසුම් කර තිබේ. ඒ සඳහා ජාතික ක්‍රීඩා සංගම් හවුල් කර ගන්නා අතර තරගාවලි පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා දීමට ද ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපත්ව සිටියි.
ශ්‍රී ලංකාවේ 74 එහි නිදහස් සමරැව යෙදුණු පසුගිය පෙබරවාරි 4 වැනිදා සිට 75 වැනි නිදහස් සමරුව යෙදෙන 2023 පෙබරවාරි 4 වැනිදා දක්වා වන වසරක් ඇතුළත කාලය තුළ දී මෙම ක්‍රීඩා තරගාවලි 75 පවත්වා සම්පූර්ණ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්‍ෂා කරයි.
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය නොබෝදා ආරම්භ කළ අලුත්ම තරගාවලිය වන ලංකා පළාත් ‘‘නිදහස් කුසලාන’’ පාපන්දු තරගාවලිය මෙම නිදහස් සමරු ක්‍රීඩා තරග මාලාව යටතේ සැළසුම් කර පවත්වන්නක් බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසිංහ මහතා පවසයි.
නිදහස් සමරැ 75 වැනි සංවත්සරය වසර 2023 යෙදීම නිමිත්තෙන් සංවිධානය කරන මෙම තරග මාලාව සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් නොබෝදා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.