Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news II වැනි කොටසේ තරගාවලියටත් ශූරතා දෙකක්

II වැනි කොටසේ තරගාවලියටත් ශූරතා දෙකක්

editorial - 2022 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය 2022 වසර වෙනුවෙන් සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් II කොටසේ ක්‍රිකට් තරගාවලියද ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. තරගාවලිය මාර්තු මස 9 වැනිදා සිට අප්‍රේල් මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

‘ඒ’ කාණ්ඩය සඳහා කණ්ඩායම් 18 ක්ද, ‘බී’ කාණ්ඩය සඳහා  කණ්ඩායම් 17 ක්ද සහභාගි වන අතර එහිදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වූ ‘එක්ස්’, ‘වයි’ සහ ‘ඉසෙඩ්’ යන අනු කාණ්ඩ 3 යටතේ එම කණ්ඩායම් මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග වදිනු ඇත. එහිදී ‘බී’ කාණ්ඩයේ ‘එක්ස්’ අනු කාණ්ඩය පමණක් කණ්ඩායම් 5 කින් සමන්විත වේ. 

මූලික වටයේ තරග මාර්තු මස 25 වැනිදායින් නිමාවට පත්වන අතර අනු කාණ්ඩ තුනේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් 6 සහ තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම් 3 න් වැඩි දස්කම් දක්වන කණ්ඩායම් 2 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. 

අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙනු ඇත. ‘ඒ’ සහ ‘බී’ කොටස් දෙකෙහිම අර්ධ අවසන් පූර්ව වටයේ තරග මාර්තු මස 29 වැනිදාද, අවසන් පූර්ව වටයේ තරග අප්‍රේල් මස 3 වැනිදාද පැවැත්වීමට නියමිතය. 

‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය අප්‍රේල් මස 7 වැනිදාද, ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය අප්‍රේල් මස 8 වැනිදාද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම කොටස් දෙක සඳහා ශූරතා දෙකක් පිරිනැමෙනු ඇත. 

ඉකුත් වසරේදී (2021) II කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට පානදුර සුමංගල විදුහල සමත්වූ අතර එහි අනු ශූරතාව පානදුර ශාන්ත ජෝන් විදුහලට හිමිවිය. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනගත් අතර පානදුර රාජකීය විදුහල එහි අනු ශූරතාවට හිමිකම් කීවේය. 

‘ඒ’ කාණ්ඩය

‘එක්ස්’ අනු කාණ්ඩය
පානදුර ශ්‍රී සුමංගල විදුහල, කැලණිය ධර්මාලෝක විදුහල, මාතර රාහුල විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, ගලහිටියාව මැදි විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල  

‘වයි’ අනු කාණ්ඩය
පානදුර ශාන්ත ජෝන් විදුහල, පාදුක්ක සිරි පියරතන විදුහල, පිළියන්දල මැදි විදුහල, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල  

‘ඉසෙඩ්’ අනු කාණ්ඩය
කළුතර සිරි කුරුස විදුහල, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, යාපනය ශාන්ත ජෝන විදුහල, අනුරාධපුර මැදි විදුහල, කළුතර විද්‍යාලය සහ මීගමුව ශාන්ත පීතර විදුහල 

‘බී’ කාණ්ඩය

‘එක්ස්’ අනු කාණ්ඩය
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල, බලපිටිය රේවත විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල, කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල 

‘වයි’ අනු කාණ්ඩය
පානදුර රාජකීය විදුහල, හොරණ තක්ෂිලා විදුහල, කෝට්ටේ ජනාධිපති විදුහල, හලාවත ශාන්ත මරියා විදුහල, කෑගලු විද්‍යාලය සහ තෝලංගමුව ඩඩ්ලි සේනානානයක විදුහල 

‘ඉසෙඩ්’ අනු කාණ්ඩය
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල, මාතලේ ශාන්ත තෝමස් විදුහල, හේනෙගම මැදි විදුහල, කටුගස්තොට රාහුල විදුහල, ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල සහ කොළඹ අශෝක විදුහල 

 


අදහස් (0)

II වැනි කොටසේ තරගාවලියටත් ශූරතා දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.