Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි අවසන් පූර්ව වටයට

අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි අවසන් පූර්ව වටයට

editorial - 2021 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු වරට විම්බල්ඩන් ශූරතාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි ඊයේ (6 වැනිදා) සමත් වූවාය. ඒ අර්ධ අවසන් පූර්ව තරගයකදී සිය රටේම ක්‍රීඩිකාවක වන අජ්ලා ටොම්ල්ජොනොවික්ට එරෙහිව වට 2-0 ක (6/1, 6/3) ජයක් වාර්තා කරමිනි.

ඒ අනුව හෙට (8 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ජර්මනියේ ඇන්ජලික් කර්බර්ට එරෙහිව බාර්ටි තරග බිමට පිවිසීමට නියමිතය. 2018 වසරේ පැවැති විම්බල්ඩන් ශූරතාවලිය ජයගත් ඇන්ජලික්, මෙවර තරගාවලියේ (2021) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් (6/2, 6/3) චෙක් ජනරජයේ කැරොලිනා මුචෝවා පරාජය කරමිනි.

හෙට පැවැත්වෙන සෙසු අවසන් පූර්ව තරගයේදී බෙලරුසයේ ආර්නා සබලෙන්කාට එරෙහිව චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවා තරග වැදීමට නියමිතය. අර්ධ අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් ටියුනීසියාවේ ඔන්ස් ජබියර්ට සහ ස්විට්සර්ලන්තයේ වික්ටෝරියා ගොලුබික්ට එරෙහිව ජය වාර්තා කරමින් සබලෙන්කා සහ කැරොලිනා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.  

‍පළමු වටයේදී බෙල්ජියමේ ග්‍රීට් මිනන්ට ‍‍එරෙහිවද, දෙවැනි වටයේදී ප්‍රංශයේ ඇලිස් කෝනට්ට එරෙහිවද, තෙවැනි වටයේදී ලැට්වියාවේ ජෙසෙනා ඔස්ටපෙන්කෝට එරෙහිවද ජය වාර්තා කළ බාර්ටි, අවසන් 16 දෙනාගේ වටයේදී බ්‍රිතාන්‍යයේ එමා රඩුකානුට එරෙහිව තරග වට 2-0 ක ජයක් ලබමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය.

මේ වන විට 25 වැනි වියේ පසුවන බාර්ටි, 2019 වසරේ පැවැති ප්‍රංශ විවෘත ශූරතාවලිය ජය ගනිමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගත්තාය. ඊට අමතරව 2020 වසරේදී ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමටද බාර්ටි සමත් වූ නමුත් එහිදී ඇමරිකාවේ සොෆියා කෙනින් හමුවේ පරාජයට පත්වීම නිසා ඇයට අවසන් මහ තරගයට පිවිසීමේ වරම් අහිමි වූවාය.

 

-036


අදහස් (0)

අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.