Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කර ඇති පරිදි ලබන අගෝස්තු 31 වැනිදාට පෙර නිශ්චිත සාධාරණ හේතූන් නොමැතිව නිලවරණය පැවැත්වීමට අපොහොසත්වන ජාතික ක්‍රීඩා සංගම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට පත් කෙරෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට එකී ජාතික ක්‍රීඩා සංගම් පත් කෙරෙන්නේ නිලවරණය කැඳවා සුදුසු නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්නාතුරුය.
ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි මෙම අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් ගණන 24කි. කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශයට වාර්තාවී තිබෙන පරිදි මම ජාතික ක්‍රීඩා සංගම් බහුතරයක් මේ වනතෙක් ඒ සඳහා පූර්ව සූදානමක් පළකර නැත.
ඔවුන්ගේ මෙම ඇල්මැරුණු ක්‍රියාකාරිත්වයට හේතුවී ඇත්තේ කොරෝනා ව්‍යසනයෙන් පසුව රට තුළ උද්ගතව පවතින තත්ත්වයයි. ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණය කැඳවීමේදී අවම දින 55කට පෙර සාමාජිකත්වයට නිල වශයෙන් දැනුම්දීම කළ යුතුය.
එහෙත් මේ වනවිට එම අවම දැනුම්දීමේ කාලය ද ඉක්මවාගොස් තිබේ. ජාතික සංගම්හි 2020 නිලවරණය කැඳවීම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 18 ද්‍ා දාතමින් ආදර්ශ මාර්ගෝපදේශයක් ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කර තිබේ.
එහි දැනුවත් විය යුතු කරුණු 15ක් දක්වා තිබේ. ඒ සඳහා නිලවරණ කමිටුව පත් කිරීම ඇතුළුව දැනුවත් කිරීමේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවන්නේ නම් එය ඊට අවම දින 14කට පෙර කැඳවිය යුතුය. ඡන්ද හිමි නාමලේඛන විරෝධතා විභාගයට පෙර දින 14කට කලින් සාමාජිකත්වයට යොමු කිරීම, නිලවරණය කැඳවීමේ නිවේදනය, ඡන්ද හිමි නාම ලේඛනය, නියෝජිතයන් නම් කිරීමේ පත්‍රය ව්‍යවස්ථාවේ සඳහන් තනතුරු සඳහා නාමයෝජනා නිලවරණ කමිටුව විසින් බාර ගැනීම නිලවරණයට දින 40කට පෙර සිදු කිරීම, නාමයෝජනා විවෘත කිරීම අපේක්ෂකයන් ඉදිරිපිටදී සිදු කිරීමෙන් පාරදෘෂ්‍යභාවය රැක ගැනීම, නාමයෝජනා විරෝධතා විභාග කිරීම අනුමැතියට දින දෙකකට පෙර සිදු කිරීම, අනුමත ඡන්ද නාමලේඛනය හා පිළිගත් නාම යෝජනා සාමාජිකත්වයට යොමු කිරීම දින 30කට පෙර සිදු කිරීම, විගණනය කළ ගිණුම් වාර්තාව දින 14කට පෙර සාමාජිකත්වයට යොමු කිරීම ආදී කරුණු එම මාර්ගෝපදේශයේ දක්වා තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශය එහිදී අවධාරණය කර තිබූ පරිදි පෙබරවාරි 18දා දාතමින් නිකුත් කළ සිය ලිපියට මාර්තු 12 වැනිදාට පෙර සිය ප්‍රතිචාර දක්වන ලෙස ජාතික ක්‍රීඩා සංගම් වෙත දැනුම්දී තිබුණි.
කෙසේ වුවත් එම ලිපියේ 2020 මැයි 31 වැනිදා හෝ ඊට පෙර නිලවරණය පවත්වා අවසන් කළ යුතු බව දක්වා තිබුණත් ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හමුවේ එය පසුව 2020 අගෝස්තු 31 දක්වා දීර්ඝ කරනු ලැබීය.
කෙසේ වුවත් ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් රට තුළ පැන නැගී තිබෙන තත්ත්වයද නිලවරණ කැඳවීමට බාධාවක් විය හැකි බවට ජාතික ක්‍රීඩා සංගම් ඇතැම් ප්‍රධානියෝ පෙන්වාදී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.