Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද නවසීලන්ත සංචිතයෙන් දඟ පන්දු යවන කී‍්‍රඩක අජාස් පටේල් ඉවත් කර තිබේ. නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක කේන් විලියම්සන් ආබාධයකට ලක්ව සිටීම නිසා කී‍්‍රඩකයන් 13 දෙනකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ උප නායක ටොම් ලේතම්ටය.
නවසීලන්තයේ තණතීරු වේග පන්දු යවන්නන්ට වැඩි සහයක් ලබාදෙන වේගවත් තණතීරු වීම නිසා එරට ක‍්‍රිකට් තේරීම් කමිටුව විශේෂඥ දඟ පන්දු යවන්නකු නොමැති කණ්ඩායමක් මෙම තරගාවලිය සඳහා නම් කර ඇත. එම නිසා ඉන්දියාවට එරෙහිව අවසන් වටර පැවැති ටෙස්ට් තරගාවලියේ ඉනිමකදී කඩුලූ 10 ම දවාගත් පටේල්ට කණ්ඩායමේ ස්ථානයක් අහිමි වී ඇත.
”නැවතත් මව් රටට පැමිණීම වගේම අපිට හුරු පුරුදු කී‍්‍රඩාංගණවල තරග වැදීමට ලැබීම ඉතාමත් සතුටට කරුණක්. මෑත කාලයේදී සහභාගි වුණ දේශීය තරගවලදී අපි ඉහළ සාර්ථකත්වයක් පෙන්වලා තියෙනවා. ඒ වගේම අපිට ටොම් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරු ගැරී ස්ටෙඞ් මහතා කියා සිටියේය.
”කේන්ගේ අහිමිවීම අපිට ලොකු පාඩුවක්. ඔහු ඉතා ඉක්මනින් සුව වෙමින් සිටිනවා. අජාස් ඉන්දියාවේදී කැපී පෙනෙන දස්කම් දැක්වූවා. ඒත් අපි ඒ ඒ තැන්වලට සුදුසු කී‍්‍රඩකයන් තමයි ඒ ඒ තැන්වලට යොදවන්නේ. බංග්ලාදේශයට එරෙහිව තරග වැදීම සඳහා සචිතයේ ඉන්න කී‍්‍රඩකයන් ප‍්‍රමාණවක් කියලා මම හිතනවා.” යැයිද ස්ටෙඞ් මහතා වැඩි දුරටත් පැවසීය.
නවසීලන්ත ටෙස්ට් සංචිතය
ටොම් ලේතම් (නායක), ටොම් බ්ලන්ඩල්, ටේරන්ට් බොල්ට්, ඩෙවොන් කොන්වේ, මැට් හෙන්රි, කයිල් ජෙමීසන්, ඩැරිල් මිචෙල්, හෙන්රි නිකෝල්ස්, රචින් රවින්ද්‍ර, ටිම් සවුති, රොස් ටේලර්, නීල් වැග්නර් සහ විල් යංග්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.