Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අත්පන්දු කාන්තා ජාතික ශූරතාව ගුවන් හමුදාවට

අත්පන්දු කාන්තා ජාතික ශූරතාව ගුවන් හමුදාවට

editorial - 2025 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික අත්පන්දු (හෑන්ඩ්බෝල්) ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඔවුන් එම ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී ලකුණු 35-18 ක් ලෙස යුද හමුදා කාන්තා කණ්ඩායම පරාජය කරමිනි. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ පූර්ණිමා එරන්දි සම්මාන දිනාගත් අතර හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස හිරුණි රෂ්මිකාද, හොඳම ගෝල රකින්නිය ලෙස ඉසුරි ප්‍රනාන්දුද, හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව ලෙස නවංජනා රණසිංහද සම්මාන ලැබූහ. 

තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අතර එම අවස්ථාවට ගුවන් හමුදා අත්පන්දු සංචිතයේ සභාපති එයාර් වයිස් මාෂල් රජින් ජයවර්ධන, මේජර් ජනරාල් එල්.කේ.ටී. ප්‍රනාන්දු, ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ ලේකම් චින්තක මායාදුන්නේ යන මහත්වරුද සහභාගි වූහ. 

-036


අදහස් (0)

අත්පන්දු කාන්තා ජාතික ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.