Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ක‍්‍රීඩා සමාජය (එස්එස්සී) කළ ඉල්ලීමකට අනුව ඉහළ තාක්ෂණයෙන් යුත් තණකොළ කපන යන්ත‍්‍රයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් එස්.එස්.සී. කී‍්‍රඩා සමාජයට පරිත්‍යාග කරන ලදි. සුුපිරි කාර්යසාධනය සඳහා නිර්මාණය කර ඇති මෙම අධි තාක්ෂණික තණකොළ කපන යන්ත‍්‍රය ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් තණතීරු සකස් කිරීම සඳහා භාවිතා කරන එවැනි යන්ත‍්‍ර දෙකෙන් එකකි.
”ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අධි තාක්ෂණික තණකොළ කපන යන්ත‍්‍ර දෙකක් සදහා ආයෝජනය කළා. එයින් එකක් සිංහල ක‍්‍රීඩා සමාජ පිටියේ නඩත්තුවට පරිත්‍යාග කිරිමට තීරණය කර තිබෙනවා. එස්.එස්.සී. කී‍්‍රඩාංගණය කියන්නේ ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ ටෙස්ට් ක‍්‍රීඩාංගණ වලින් එකක්. එබැවින් මෙම පරිත්‍යාගයට වටිනාකමක් තියෙනවා” යැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
නව තණකොළ කපන යන්ත‍්‍රය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් සිංහල ක‍්‍රීඩා සමාජයේ සභාපති අයි.එස්.ද සිල්වා මහතා වෙත බාරදෙන ලදි. මෙම අවස්ථාවට එස්.එස්.සී. ක‍්‍රීඩා සමාජයේ ලේකම් වසන්ත විජේසේකර, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලසන්ත වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප‍්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරු එක්වූහ.
මේ සමගම මිලදී ගන්නා ලද අනෙක් අධි තාක්ෂණික තණකොළ කපන යන්ත‍්‍රය කොළඹ ආර්. පේ‍්‍රමදාස ඡුාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට බාර කෙරිණ.
- 8535
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.