Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායිහිදී දැන් පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිතවුවන්ගේ (පැරා) මලල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර 200 පිරිමි ඉසව්වේ (ටී 42) රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ අනිල් ප‍්‍රසන්න ජයලත් සමත්විය. අනිල් ප‍්‍රසන්නගේ තරග නිමි කාලය වු තත්පර 25.11 ක කාලය ආසියානු තරග වාර්තාව අභිබවා යාමක් ලෙස වාර්තාවේ.
මෙම ඉසව්වට සහභාගි වු බුද්ධික ඉන්ද්‍රපාලට (තත්පර 27.50) ලෝකඩ පදක්කම හිමිවිය. ජපානයේ යමමටෝ අස්සුසී (තත්පර 26.83) එහි රිදී පදක්කම දිනා ගත්තේය.
පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී ප‍්‍රදීප් පතිරණ මීටර 200 ඉසව්වේ (ටී 47) සිවුවැනි ස්ථානය ලැබීය. කෙසේ වෙතත් ප‍්‍රදීප් 2012 වසරේ පැවැති ලන්ඩන් පැරලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම දිනා ගත්තේ මීටර 400 ඉසව්වෙනි.
මේ මස 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයෝ අට දෙනෙක් සහ ක‍්‍රීඩිකාවක් සහභාගිවී සිටිති. සැප්තැම්බර් මස බ‍්‍රසීලයේ පැවැත්වෙන රියෝ පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලට ආසියානු ශාන්තිකර කලාපයේ රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සුදුසුකම් ලැබීමට මෙය අවස්ථාවක් ද වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.