Last Update  :  2025-03-31 15:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පාසල් චෙස් තරගාවලිය 21-22-23 දිනවල කුරුණෑගලදී

අන්තර් පාසල් චෙස් තරගාවලිය 21-22-23 දිනවල කුරුණෑගලදී

editorial - 2025 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරනු ලබන  අන්තර් පාසල් (බාලක/බාලිකා) කණ්ඩායම් චෙස් තරගාවලිය පෙබරවාරි මස 21 22, 23 තෙදින කුරුණෑගල පාසල් හතරකදී පැවැත්වේ. කුරුණෑගල මලියදේව , ශ්‍රීමත් ජෝන් කොතලාවල, ලක්දාස් ද මැල් සහ එස්.ඩබ්ලිව්.ඩී.ආර්.බණ්ඩාරනායක යන විදුහල් හතරේදී මේ තරගාවලිය පැවැත්වේ.

වයස 9න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 20 න් පහළ කණ්ඩායම් ලෙස මේ තරගාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කියයි. කණ්ඩායමක් සදහා කියාත්මක කෙරෙන තරග වට ගණන හතකි. තරගාවලියේ ආරම්භක දිනය වන පෙබරවරි මස 21වැනිදා පස්වරුවේදී එක තරග වටයක්ද පෙබරවාරි මස 22 සහ 23 දෙදින දිනකට තරග වට තුන බැගින් ද පවත්වා තරග වට හත නිමාවට පත් කෙරේ.

තරගාවලියට සහභාගීවන සෑම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවකම  නිල ඇදුමෙන් සහභාගිවීමත් තමන් සතු චෙස් කීඩා උපකරණ කට්ටල ගෙන ඒමත් අනිවාර්ය බව ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කියයි.


අදහස් (0)

අන්තර් පාසල් චෙස් තරගාවලිය 21-22-23 දිනවල කුරුණෑගලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.