Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පාසල් හොකී තරගාවලි නැවතත්

අන්තර් පාසල් හොකී තරගාවලි නැවතත්

editorial - 2022 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර දෙකක්ම (2020-21) නොපැවැත්වුණු අන්තර් පාසල් හොකී තරග මාලා පහක් මෙම වසරේ සිට යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සැලසුම් කර තිබේ.

මෙම තරගාවලි සඳහා දින නියම කිරීම් ඉදිරියේදී කෙරෙන බව පාසල් හොකී සංගමය පවසයි.

මේ යටතේ අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී තරගාවලියක් හා වයස් කාණ්ඩ තරගාවලි හතරක් පැවැත්වීමට කටයුතු කෙරෙන අතර, එහි සැලැස්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා මේ වන විටත් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ ලේකම් අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පවසයි.

මෙම පාසල් හොකී තරගාවලිවලින් නිර්දේශ කෙරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ජාතික බාලක හා බාලිකා පුහුණු සංචිත දෙකක් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිතය.
එහි මූලික අරමුණ ශ්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ හා ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා හා පිරිමි හොකී තරග මාලා සඳහා ශ්‍රී ලංකා පාසල් හොකී බාලක හා බාලිකා කණ්ඩායම් එයින් තෝරා ගැනේ.

කොවිඩ් වසංගතය හමුවේ පසුගිය වසර දෙකේදීම (2020-2021) අන්තර් පාසල් හොකී තරග මාලා සංවිධානය මුළුමනින්ම ඇනහිටිණි.

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය වසර 2022ට පැවැත්වීමට සැලසුම් කර ඇති අන්තර් පාසල් හොකී තරග මාලා:
ජුනි මාසයේදී:- අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ තරගාවලිය - මහනුවරදී
ජුලි මාසයේදී:- වසර 20ත් 21ත් අතර කාණ්ඩයේ බාලක හා බාලිකා තරග මාලාව – කොළඹදී
ජුලි මාසයේදී:- වයස 18ත් 21ත් අතර කාණ්ඩයේ බාලක හා බාලිකා තරග මාලාව – මාතලේදී
අගෝස්තු මාසයේදී:- වයස 11ත් 16ත් අතර කාණ්ඩයේ බාලක හා බාලිකා තරග මාලාව – බදුල්ලේදී
අගෝස්තු මාසායේදී:- වයස 14ත් 21ත් අතර කාණ්ඩයේ බාලක හා බාලිකා තරග මාලාව - මහනුවරදී


අදහස් (0)

අන්තර් පාසල් හොකී තරගාවලි නැවතත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.