Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලිය සතියකින් කල්යයි

අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලිය සතියකින් කල්යයි

editorial - 2021 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලිය මේ මස 20 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබුනද එය සතියකින් කල් දැමීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත. රට පුරා පැවැති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර සිටම අන්තර් සමාජ සීමිත  ඕවර තරගාවලිය මේ මස 20 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද ක‍්‍රීඩකයන්ට තවදුරටත් පුහුණුවීම් වල යෙදීම සඳහා තවත් සතියකින් තරගාවලිය කල් දමා ඇත.

 ඒ අනුව අන්තර් සමාජ සීමිත ඕවර ( ඕවර 50) තරගාවලියෙන් 2021/22 දේශීය ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ වනු ඇත. නමුත් අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවාද නැද්ද පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අවසන් තීරණයක් ගෙන නොමැත.

කොරෝනා වයිරසයේ නව ප‍්‍රභේදය රට පුරා සීඝ‍්‍රයෙන් පැතිරයාම හේතුවෙන් පසුගිය අගෝස්තු මස 20 වැනිදා සිට රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය පැණවීය. ඒ අනුව අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියද දින නියමක් නොමැතිව කල්දැමීමට සිදුවිය. මින් පෙර සිමිත  ඕවර ( ඕවර 50) තරගාවලිය සැප්තැම්බර් 07 වැනිදාත්, පළමු පෙළ තරගාවලිය (තුන් දින) සැප්තැම්බර් 10 වැනිදාත්, ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සැලසුම් කර තිබුණි.

දේශීය තරගාවලි ආරම්භ කිරීමට පෙර අවම වශයෙන් සති තුනකවත් කාළයක් පුහුණුවීම් සඳහා ලබාදෙන ලෙස ක‍්‍රීඩා සමාජ විසින් මින් පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබුණි. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වැනිදා අවසන් වීමෙන් පසුව තරගාවලියට සූදානම් වීම සඳහා අවම වශයෙන් සති තුනකට ආසන්න කාලයක් ක‍්‍රීඩා සමාජ වලට හිමි වුවද එය තවදුරටත් සතියකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් උපදේශන කමිටුවේ යෝජනාවක් මත මෙතෙන් පැවැති ‘ඒ’ ශ්‍රේණියේ සහ ‘බී’ ශ්‍රේණියේ තරගාවලි දෙක, එකම තරගාවලියක් බවට පත්කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ක‍්‍රිකට් කමිටුවේ අවසරයට හිමිවූ අතර පසුගිය අගෝස්තු මාසයේ පැවැති අති විශේෂ මහසභා රැුස්වීමකදී සාමාජිකයන්ගේ වැඩි ඡුන්දයෙන් එය සම්මත විය.

අන්තර් සමාජ සීමිත  ඕවර තරගාවලියේ මූලික වටයේ තරග ඔක්තෝබර් 27, 30, 31 සහ නොවැම්බර් 3, 6, 7, 10, 13, 14, 17, 20, 21, 24 යන දින 13 කදී පැවැත්වීමට නියමිතව ඇත. අවසන් පූර්ව තරග නොවැම්බර් 26 වැනිදාත්, අවසන් මහ තරගය නොවැම්බර් 28 වැනිදාත් පැවැත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සැලසුම්කර ඇත.


අදහස් (0)

අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලිය සතියකින් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.