Last Update  :  2025-03-31 13:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනුරපුර පාසල් පාපැදි තරගාවලිය 22 දා

අනුරපුර පාසල් පාපැදි තරගාවලිය 22 දා

editorial - 2025 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමය සංවිධානය කරන අනුරාධපුරය දිස්ත්‍රික් පාසල් පාපැදි තරගමාලාව සෙනසුරාදා (22) පෙරවරු 8 සිට අනුරාධපුරය මහජන ක්‍රීඩාංගණය අසළදී පැවැත්වේ.

වයස 20 න් පහළ,18 න් පහළ ,15 න් පහළ ,12 න් පහළ බාලක හා බාලිකා ඉසව් හැරෙන්නට අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත ප්‍රදර්ශන ස්ටෑන්ඩර්ඩ් කාන්තා හා පිරිම් ඉසව් දෙකක්ද මෙම තරග මාලාවට ඇතුළත් වේ.

අනුරාධපුරය නගරය, පොලිස් වට රවුම, කඩ 12, උසාවිය වට රවුම, හරිත උයන, කේ. බී. රත්නායක මාවත, ඔරලෝසු කණුව හරහා නැවැත ආරම්භක ස්ථානයට ළගාවීමෙන් තරග වටයක් සම්පූර්ණ වේ.

මෙහිදී ඉසව් ජයග්‍රාහකයන්ට රුපියල් දසදහසේ සිට මුදල් ත්‍යාග හා පාසල් උපකරණ ත්‍යාග ලෙස ප්‍රදානය කෙරේ.


අදහස් (0)

අනුරපුර පාසල් පාපැදි තරගාවලිය 22 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.