Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනුෂත් මුල්ග්‍රේව් කාර්ය මණ්ඩලයට

අනුෂත් මුල්ග්‍රේව් කාර්ය මණ්ඩලයට

editorial - 2021 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ 2021/22 තරග වාරය සඳහා නව සහය පුහුණුකරු ලෙස අනුෂ සමරනායක මහතා ගිවිසුම් අත්සන් කළ බව එම ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කර තිබේ.

“2000 සිට 2015 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළ අනුෂ සමරනායක මහතා ඔහුගේ බහුල අත්දැකීම් සමගින් අප සමඟ එක්වුනා”

“ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර ඇතුළු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකුගේ වර්ධනයට ඔහු දායක වී ඇති අතර, ඔවුන්ගේ වෘත්තීන් කෙරෙහි ඔහුගේ බලපෑම කොතෙක්ද කියන්න බෑ. අනුෂ මහතා ක්‍රීඩා සමාජයට පිළිගැනීමට අප හා එක්වන්න” යයි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හිටපු ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් 2021/22 තරගවාරයේදී මුල්ග්‍රේව් කණ්ඩායමේ නායකත්වය දරනු අතර ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරගංද මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය සමගින් එක්වී ඇත. හිටපු ශ්‍රී ලංකා ජේෂ්ඨ ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරයි.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වික්ටෝරියා හි නැගෙනහිර ක්‍රිකට් සංගමයේ 3 වන කොටස යටතේ ක්‍රීඩා කරයි.


-2079

 


අදහස් (0)

අනුෂත් මුල්ග්‍රේව් කාර්ය මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.