Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටය යටතේ කොළඹ මහානාම විදුහලට එරෙහිව ගාල්ල රිච්මන්ඩ් විදුහල හෙට (5 වැනිදා) කොළඹ රාජකීව විදුහල් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
මූලික වටයේදී කුරුණෑගල මලියදේව, කැලණිය ගුරුකුළ, මහනුවර ත්‍රිත්ව, කඳාන ද මැසිනොද් සහ මොරටුව වේල්ස් කුමර විදුහල් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි මහානාම විදුහල, එහිදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
දෙවිඳු කැකිරිදෙණිය විසින් මෙවර තරග වාරයේදී මහානාම විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර එම කණ්ඩායමට ක්‍රීඩා කරන 17 හැවිරිදි කඩුලු රකින ක්‍රීඩක අංජල බණ්ඩාර ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
මූලික වටයේදී කොළඹ නාලන්දා විදුහල හමුවේ පරාජයට පත් වුවද, කුරුණෑගල ශාන්ත අනා, කොළඹ වෙස්ලි සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල්වලට එරෙහිව ජය වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි රිචිමන්ඩ් විදුහල, අවසන් පූර්ව වටයට පිවිසියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරමිනි.
භානුක මනෝහර විසින් මෙවර තරග වාරයේදී මහානාම විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර එම කණ්ඩායමට ක්‍රීඩා කරන 17 හැවිරිදි පා දඟ පන්දු යවන ක්‍රීඩක මල්ෂ තරුපති ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
රිච්මන්ඩ් විදුහල් සංචිතය
භානුක මනෝහර (නායක), කල්ප නෙත්සර (උප නායක), කවිඳු නිර්මාන, විෂාර සස්මිත, තරින්ද නිර්මාල්, රුවන් ජයවර්ධන, ජනෙත් කෞෂාල්, මලීෂ වෙත්මින්, හංසමාන ද සිල්වා, ශරොන් අභිෂේක්, මල්ෂ තරුපති, තමිඳු ප්‍රදීප්ත, චෙහාන් සුබසිංහ, සිහත් රාමනායක, ඉමේෂ් සසිඳු, සෙනෙත් සිසාන්, කවීෂ ඉඳුවර, සනහස් රමිඳු, මනුජ දුල්නෙත්, ස්ටීවන් සෙල්වනායගම්, නුවන් ජයසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), ලක්මාල් ද සිල්වා (ප්‍රධාන පුහුණුකරු), උමාල් දුරගේ (පුහුණුකරු) සහ දිනූෂ ජයසංක (පුහුණුකරු)
මහානාම විදුහල් සංචිතය
දෙවිඳු කැකිරිදෙණිය (නායක), විරංග යේෂාන්, ඔමේෂ් උදාර, සචිර වැලිවත්ත, නිහිඳු පෙරේරා, දුවිඳු පෙරේරා, සෙතුම් කෙනුල, අංජල බණ්ඩාර, දෙසිත් ගුණතිලක, කූජන පෙරේරා, ඉනුක කරන්නාගොඩ, නදීෂ් යසිරු, කවිඳු අමනෙත්, චනුජ සඳලිඳු, භානුල අල්ගෙවත්ත, තරිඳු ලක්ෂාන්, අනුක් විජේවර්ධන, රුවීන් සංකල්ප, හසිත් හංසිඳු, වෙනුක් හෙට්ටිආරච්චි, රොෂාන් බණ්ඩාර (ක්‍රීඩා භාර ආචාර්ය), කැළුම් ගංගොඩවිල (පුහුණුකරු) සහ සොනාල් දුල්ෂාන් (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.