Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අපේක්ෂා රෝහලට ක්‍රිකට් සල්ලි කෝටි 18 ක්

අපේක්ෂා රෝහලට ක්‍රිකට් සල්ලි කෝටි 18 ක්

editorial - 2022 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය ඹෟෂධ මිලදී ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 180 කට ආසන්න වේ.

ආසියානු ශූරතා දිනූ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ දැල් පන්දු ක්‍රීඩිකාවන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැති උත්සවයකදී මෙම පරිත්‍යාගය සිදු කෙරිණ.
ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි සභාපති ශම්මි සිල්වා මහතා පරිත්‍යාගයට අදාල චෙක්පත ජානාධිපතිවරයා වෙත පිරිනැමූ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද එම අවස්ථාවට එක් විය.

ඖෂධ හිඟය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පසුගිය කාල සීමාව තුළ මාධ්‍ය මගින් දිගින් දිගටම වාර්තා කළේය. අපේක්ෂා රෝහලේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තාවන්ට අනුව ඖෂධ හිඟයට ප්‍රධාන ගැටළුව මුදල් නොමැතිකම බවද හඳුනාගෙන තිබිණ.

එම තත්ත්වය පිළිබඳව ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කළ ජනාධිපති මාධ්‍ය ඒකකය මෙම පරිත්‍යාගයට අදාළ සම්බන්ධීකරණ කටයුතු කර තිබේ. එහිදී ජනාධිපති මාධ්‍ය ඒකකය කළ යෝජනාවට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජනාධිපති කාර්යාලය හරහා අපේක්ෂා රෝහලට සහය දැක්වීමට ඉදිරිපත්වී තිබේ.

මෙම පරිත්‍යාගයට අමතරව ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සහ පුහුණුකාරිණියන් සඳහා රුපියල් මිලියන 2 බැගින් ප්‍රදානය කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණ.

ඊට අමතරව පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් ලාභී පැරා ක්‍රීඩක පාලික බණ්ඩාරට රුපියල් මිලියන 10 ක්ද, ලෝකඩ පදක්කම් ලාභී යුපුන් අබේකොන්, දිලංක ඉසුරු සහ නෙත්මි අහිංසා යන ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 5 බැගින්ද, ඔවුන්ගේ පුහුණුකරුවන්ට එම මුදලින් 25% බැගින්ද පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් විය.

 


අදහස් (1)

අපේක්ෂා රෝහලට ක්‍රිකට් සල්ලි කෝටි 18 ක්
  • prachanda Wednesday, 21 September 2022 09:43 AM

    තුන්දෙනාගෙන් දෙන්නෙක් ගැන නම් අපි දන්නවා. ජපානෙ ගිහින් වීසාත් නැතිව පරණ වාහන අමතර කොටස් එකතු කළ අහිංසක ලාංකිකයන්ගෙන් අමතර කොටස් ගත්තු අයත් ඉන්නවනේ... හැබැයි මෙයාට හූ කියලා එළවා ගත්තා. මමත් එතැන හිටිය නිසා ඒ ගැන හොඳින්ම දන්නවා. මේ අයවද මේ රට හදන්න අරන් තියෙන්නේ?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.