Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන මස 2 වැනිදා ආරම්භ වන අයර්ලන්ත සංචාරය සඳහා තෝරාගන්නා ලද ශී‍්‍ර ලංකා කණ්ඩායමට වමත් පිතිකරු උපුල් තරංග කැඳවනු ලැබ ඇත.
වසර 2007 ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම 2011 ලෝක කුසලාන තරගාවලියේදීත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉතාමත් සාර්ථක ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංග 2001 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව දස්කම් හීන වීම නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් ඉවතට විසිවී සිටියේය. පසුගිය වසරේ ජූලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සමූහයට අයත් කිංග්ස්ටන්හිදී ඉන්දීය පිලට එරෙහිව නොදැවී ලකුණු 174 ක් ලබාගත් නමුත් තිලකරත්න ඩිල්ෂාන් සහ කුසල් ජනිත් දෙදෙනාගේ සාර්ථකත්වය නිසා තරංගට ශී‍්‍ර ලංකා පිලේ ස්ථානය සොයාගත නොහැකි විය.
අයර්ලන්ත තරගාවලිය සඳහා ඩිල්ෂාන් සහභාගි නොවන හෙයින් කුසල් ජනිත් සහ උපුල් තරංග ආරම්භක පිතිකරුවන් වශයෙන් තෝරාගනු ලැබ ඇත. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාත් මෙම තරගාවලියට සහභාගි නොවන හෙයින් ඔවුන් දෙදෙනාගේ ස්ථාන සඳහා අශාන් පි‍්‍රයන්ජන් සහ කිත්රුවන් විතානගේ කැඳවා තිබේ. ලසිත් මාලිංග සංචිතයට ඇතුළත් නොවන හෙයින් ධම්මික ප‍්‍රසාද්ට අවස්ථාව හිමිවී ඇත.
අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග දෙක මැයි මස 6 වැනිදා සහ 8 වැනිදා ඩබ්ලින් නුවරදී පැවැත්වෙයි.
අයර්ලන්ත සංචාරය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, අශාන් පි‍්‍රයන්ජන්, කිත්රුවන් විතානගේ, චතුරංග ද සිල්වා, සචිත‍්‍ර සේනානායක, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, අජන්ත මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.