Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයර්ලන්තයට සැනසුම් සහගත ජයක්

අයර්ලන්තයට සැනසුම් සහගත ජයක්

editorial - 2023 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (27 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් ලකුණු 138 ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 350 ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඕවර 39 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 211 ක් පමණි. දක්ෂ පිතිහරඹයක නිරත වූ අයර්ලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින් පන්දු 134 කදී හයේ පහර 8 කින් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 162 ක් රැස්කළේය.  

අයර්ලන්තය - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 349 
(ඇන්ඩි මැක්බ්‍රයන් 24, පෝල් ස්ටර්ලින් 162, ඇන්ඩෘ බැල්බර්නි 66, හැරී ටෙක්ටර් 57, ලෝකන් ටකර් නොදැවී 19, ජොජ් ඩොක්‍රෙල් නොදැවී 15, සන්චිත් ශර්මා 46/3) 

ඇමරිකා එක්සත් ජනපදය - ඕවර 39 කදී සියලු දෙනා දැවී 211 
(මුහම්මද් වසීම් 45, ආර්යන්ෂ් ශර්මා 18, බැසිල් හමීඩ් 39, සන්චිත් ශර්මා 44, කර්ටිස් කැම්පර් 14/2, ජොෂුවා ලිට්ල් 30/2, ජෝජ් ඩොක්‍රෙල් 32/2, ඇන්ඩි මැක්බ්‍රයන් 34/2) 

-036 


අදහස් (0)

අයර්ලන්තයට සැනසුම් සහගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.