Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි.පී.එල්. එපාවී ලිවිංස්ටන් ගෙදර යයි

අයි.පී.එල්. එපාවී ලිවිංස්ටන් ගෙදර යයි

editorial - 2021 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පිතිකරු ලයාම් ලිවිංග්ස්ටන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග වලින් ඉවත්වී සිය රට බලාගොස් ඇත. ජෛව ආරක්ෂිත බුබුල සමගින් රැඳී සිටීමේ අපහසුතාවය හේතුවෙන් ඔහු තරගාවලියෙන් ඉවත් වූ බව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රකාශකයකු පැවසීය.

“අපි ඔහුගේ තීරණය තේරුම් ගත්තා. ඒ වගේම ඒ තීරණයට ගරු කරනවා. අපට හැකි ඕනෑම ආකාරයකින් ඔහුට දිගටම සහයෝගය දෙනවා” යැයි රාජස්තාන් රෝයල්ස් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ලිවිංස්ටන් පසුගිය කාලයේදී දකුණු අප්‍රිකාවේ සහ ඉන්දියාවේ සංචාරය කර ඇති අතර ඕස්ටේ්‍රලියාවේ බිග් බෑෂ් තරගායලිටයට ක්‍රීඩා කළේය.  කොරෝනා වයිරස් තත්වය හේතුවෙන් සංචාරක කටයුතු ජෛව ආරක්ෂිත බුබුලු තුළ පමණක් සිදුවන බැවින් ක්‍රීඩකයන්ට බොහෝ විට අවසර දී ඇත්තේ තරඟ සහ පුහුණුව සඳහා පමණක් හෝටලයෙන් පිටවීමටය.

ලයාම් ලිවිංග්ස්ටන්ගේ ඉවත්වීමත්, එංගලන්ත ක්‍රීඩකයන් වන බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් ද ආබාධයකට ලක්ව සිටින බැවින් රාජස්තාන් රෝයල්ස් පිල මේ වනවිට දැඩි අර්බුදයකට ලක්වී ඇත.


- 2079

 


අදහස් (0)

අයි.පී.එල්. එපාවී ලිවිංස්ටන් ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.