Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්වූ ස්ටීවන් ස්මිත්, පැට් කමින්ස්, ඇඩම් ග්‍රිෆිත්, ග්ලෙන් මැක්ස්වෙල් ඇතුළු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ පිරිස මාලදිවයිනේ සිට සිඩ්නි නුවරට ළඟා වූහ. අනතුරුව ඔව්හු ගුවන් තොටුපොළේ සිට නවාතැන් ගන්නා හෝටල බලා ගියේ නිරෝධායනය වනු පිණිසය. ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පියවර ගැනීමත් සමගින් අයි.පී.එල් තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් ඇතුළු පිරිසට සිය රටට යෑමට නොහැකි විය.
අයි.පී.එල්. කණ්ඩායම් හතරක ක්‍රීඩකයන් සිව්දෙනෙකුට සහ පුහුණුකරුවන් දෙදෙනෙකුට ජෛව ආරක්ෂිත බුබුල තුළ සිටියදීම කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මැයි මස 4 වැනිදා තරගාවලිය අත්හිටුවා දින නියමයක් නොමැතිව කල් දමන ලදී.
ක්‍රීඩකයින්, නිලධාරීන් සහ විස්තර විචාරකයින් ඇතුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයින් 38 දෙනාගෙන් බොහෝ දෙනෙකු මාලදිවයිනේ දින 10 ක් ගත කිරීමෙන් පසුව, ඊයේ සිඩ්නි ගුවන් තොටුපළට ගොඩ බැස්සෝය. ඔවුන් සියලු දෙනාම අනිවාර්ය නිරෝධායනය සඳහා සිඩ්නි හෝටලයක සති දෙකක් ගත කරනු ඇත.
ස්ටීවන් ස්මිත්, පැට් කමින්ස්, පිතිකරු ඩේවිඩ් වෝනර් සහ දිල්ලි කැපිටල්හි පුහුණුකරු ලෙස කටයුතු කළ රිකී පොන්ටිං, එයාර් සීෂෙල්ස් ගුවන් යානයේ සිටි අය අතර වෙති.
චෙන්නායි සුපර් කිංග්ස්හි පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කළ මයිකල් හසී ද සිකුරාදා සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණයක් ඍණාත්මක වීමෙන් අනතුරුව දෝහා රාජ්‍යය හරහා ඉරිදා ගෙදර ගොස් ඇත. මේ මස 4 වනදා සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණයක් ඔහුට කොරෝනා වයිරසය අසාදනය වි ඇති බැව් තහවුරු වීමත් සමගින් ඔහුව දිල්ලියේ සිට චෙන්නායි වෙත ගුවන් ගිලන් රථයකින් ඔහුව ගෙන යන ලදී.
ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට විශේෂ සැලකිල්ලක් ලබා දී නොමැති බව අගමැති ස්කොට් මොරිසන් මහතා පසුගිය ඉරිදා කියා සිටියේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.