Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි.පී.එල්. තණතීරු කසළ බඳුන් වගේ

අයි.පී.එල්. තණතීරු කසළ බඳුන් වගේ

editorial - 2021 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. තරගාවලිය සඳහා සකස් කරනු ලබන තණතීරු කසළ බඳුනක් තරම් වැදගැම්මට නැති ඒවා බවත් එබැවින් මෙවර අයි.පී.එල්. තරගාවලියේදී කණ්ඩායම් අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා බවත් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් කියයි. ඔහු මේ විවේචනය කරන්නේ චෙන්නායි හි චෙපොක් ක්‍රීඩාංගණයේ මන්දගාමී තණතීරුවයි.

රාජස්ථාන් රෝයල්ස් පිල වෙනුවෙන් ක්‍රීඩ කරන ස්ටෝක්ස් අයි.පී.එල්. තරගයකට ක්‍රීඩා කරමින් සිටියදී ඇඟිල්ලක අස්ථියක් බිඳීයාම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා නැවතත් එංගලන්තය බලා පිටත්ව ගියේය. ස්ටෝක්ස් කියන්නේ උද්වේගකර විස්සයි-20 තරඟයක් සඳහා 160 සිට 170 දක්වා පරාසයක ලකුණු ලබා ගැනීම ඉතා වැදගත් බවයි.

“අයි.පී.එල්. තරගාවලිය ඉදිරියට යද්දී තණතීරු වඩාත් නරක අතට හැරෙනු නැතැයි මා හිතනවා... ඒත් ලකුණු 160 ක් හෝ 170 ක් ලබාගත නොහැකි තණතීරු කසළ බඳුන් වගේ වේවි” බෙන් ස්ටෝක්ස් කියයි.

චෙන්නායි හි චෙපොක් ක්‍රීඩාංගණය අයි.පී.එල්. තරග 9 කට සත්කාරකත්වය ලබා දී ඇති අතර කණ්ඩායම් පිතිකරුවන් ලකුණු 170 ක් ඉක්මවා ඇත්තේ දෙවරක් පමණි.


- 213

 


අදහස් (0)

අයි.පී.එල්. තණතීරු කසළ බඳුන් වගේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.