Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයෝමය ශූරයා තරගාවලියට අයැදුම්පත් කැඳවයි

අයෝමය ශූරයා තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2022 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික අයෝමය ශූරයා (මිස්ටර් ශ්‍රී ලංකා) තේරීමේ තරගාවලියට සහභාගි වන  කායවර්ධන ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන්ගෙන් මාර්තු 7 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පවසන්නේ තරගාවලිය මාර්තු 19 වැනිදා බර පංතින් අටකගෙන් හා කාන්තා විවෘත ඉසව්වකින්ද සමන්විතව පැවැත්වීමට නියමිත බවයි. මෙවර 71 වැනි වරටත් පැවැත්වෙන තරගාවලියට ඇතුළත් කාන්තා ඉසව්ව විවෘත තරගයක් ලෙස පැවැත්වේ.

කිලෝග්‍රෑම් 60, කිලෝග්‍රෑම් 65, කිලෝග්‍රෑම් 70, කිලෝග්‍රෑම් 75, කිලෝග්‍රෑම් 80, කිලෝග්‍රෑම් 85, කිලෝග්‍රෑම් 85 ට වැඩි බර පංතින්ගෙන් හා  වයස 45ට ඉහළ ප්‍රවීනයන් සඳහා වන ඉසව්වකින්ද පිරිමි තරගාවලිය සමන්විතය.

ජාතික ආයෝමය ශූරයා තේරීමේ තරගාවලිය කොවිඩ් ව්‍යසනය හේතුවෙන් පසුගිය වසර දෙකක් (2020-2021) පැවැත්වීමට නොහැකි විය.

- 223


අදහස් (0)

අයෝමය ශූරයා තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.