Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රංජි කුසලාන තරගාවලිය සඳහා මුම්බායි කණ්ඩායමට තමන් තෝරා ගැනීම තමාගේ සිහිනය සැබෑ වූ අවස්ථාවක් බව ක‍්‍රිකට් ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් පවසා තිබේ. ටෙස්ට් ක‍්‍රීඩක ප‍්‍රිත්වි ෂෝගේ නායකත්වයෙන් යුත් රංජි කුසලාන මුම්බායි සංචිතයට තුන් ඉරියව් ක‍්‍රීඩක අර්ජුන් නම් කර ඇත.
ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටුව සලිල් අංකෝලා (සභාපති), ගුලාම් පාකාර්, සුනිල් මෝර්, ප‍්‍රසාද් දේසායි සහ ආනන්ද් යාල්විගිගෙන් සමන්විත වේ. මහාරාෂ්ට‍්‍රහිදී ජනවාරි 13 සිට 16 දක්වාත්, දිල්ලිහිදී ජනවාරි 20 සිට 23 දක්වාත් පැවැත්වෙන තරග දෙක සඳහා අර්ජුන් තෙන්ඩුල්කාර් මුම්බායි සංචිතයට ඇතුළත් කර ඇත.
”රංජි කුසලානය සඳහා මුම්බායි කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්. එය මට සැබෑ වූ සිහිනයක්. කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමය ලබා දීමට මම උනන්දුවෙන් බලා සිටිනවා”අර්ජුන් පැවසීය.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.