Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අර්නස්ට් ප්‍රනාන්දු සමුගනී

අර්නස්ට් ප්‍රනාන්දු සමුගනී

editorial - 2022 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ මල්ලවපොර ක්‍රීඩකයකු වන අර්නස්ට් ප්‍රනාන්දු සිය දිවිසැරිය අවසන් කර තිබේ. ටෝකියෝ නුවරදී ෆ්ලයි බර පන්තියෙන් තරග කළ අර්නස්ට් ප්‍රනාන්දු 1964 ඔලිම්පික් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා යාමට අපොහොසත් විය.

1938 ඔක්තෝබර් 26 වැනිදා උපත ලද අර්නස්ට් මිය යන විට 84 වැනි වියේ පසුවිය. 1998 දක්වාම ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සේවය කළ අර්නස්ට් ප්‍රනාන්දු දෙදරු පියෙකි. අචිනි සහ රුවිනි ඔහුගේ දියණියන් දෙදෙනා වන අතර චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය ඔහුගේ බිරිඳ වූවාය.

අර්නස්ට් ප්‍රනාන්දුගේ දේහය කළුබෝවිල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු 17 වැනි සෙනසුරාදා පස්වරු 4.00 ට සිදුකෙරේ.

 


අදහස් (0)

අර්නස්ට් ප්‍රනාන්දු සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.