Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අරුණට-නදීෂාට යුද හමුදාවෙන් දිරි දීමනා

අරුණට-නදීෂාට යුද හමුදාවෙන් දිරි දීමනා

editorial - 2024 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා⁣ කාලතුවක්කු රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් අරුණ දර්ශන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් නදීෂා දිල්හානි ලේකම්ගේ වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් මූල්‍යාධාර ප්‍රදානය කරන ලදි.

එහිදී යුද්ධ හමුදාධිපතිවරයා  විසින් එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 ක් බැගින් වූ දිරිදීමනාවක් ප්‍රදානය කරන ලදි. “මව්බිම වෙනුවෙන් පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකා නාමයත්, ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමයත් ඉහළ නංවන්න“ යි යුද හමුදාපතිවරයා පැවසීය.

මූල්‍ය ප්‍රදානයෙන් පසුව, මාණ්ඩලික සැරයන් අරුණ දර්ශන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් නදීෂා දිල්හානි ලේකම්ගේ යුද හමුදාපතිවරයා සමගින් ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. බ්‍රිගේඩියර් විජිත හෙට්ටියාරච්චි සහ බ්‍රිගේඩියර් තනුජ ගොඩේවත්ත යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති.


අදහස් (0)

අරුණට-නදීෂාට යුද හමුදාවෙන් දිරි දීමනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.