Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් තරගයට ප්‍රේක්ෂකයන් 4000 ක්

අවසන් තරගයට ප්‍රේක්ෂකයන් 4000 ක්

editorial - 2021 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර එකහමාරකට පමණ පසුව, නැතහොත් 2019 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව, මේ මස 19 වැනිදා එංගලන්ත ක්‍රීඩාලෝලීන්ට සිය රට තුළදී ක්‍රිකට් තරගයක් නැරඹීමේ අවස්ථාව උදා වී තිබේ.  ලබන මාසයේ නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සහභාගිවන ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමටද හේතු වී තිබේ.

ජූනි මස 18 වැනිදා ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තෙ සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදීය. මෙම ක්‍රීඩාංගණයේදී හැම්ප්‍ෂයර් කණ්ඩායම සහ ලෙස්ටර්ෂයර් කණ්ඩායම අතර ඉකුත්දා පැවැති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් 1500 කට පමණ අවසර ලැබිණ.

“ඉකුත් 19 වැනිදා ආරම්භ කෙරැණ සිව්දින තරගයේදී අපි ක්‍රීඩාලෝලීන්ට තරගය නැරඹීම සඳහා අවස්ථාව ලබා දුන්නා. 2019 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව නරඹන්නන් සහිතව එංගලන්තයේදී පැවැති පළමු තරගය එයයි. ඊට සමගාමීව තවත් තරග 7 ක් 20 වැනිදා‍ ආරම්භ වුණා. එම තරග නැරඹීම සඳහාත් ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා.” යැයි හැම්ප්‍ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් ප්‍රධානී රොඩ් බ්‍රාන්ස්ග්‍රෝව් මහතා පැවසීය.

බ්‍රාන්ස්ග්‍රෝව් මහතා පවසන පරිදි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය  සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව 4000 ක පිරිසකට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය නැරඹීම සඳහා අවසර ලබාදී තිබේ.

“අවසර ලද පිරිසෙන් භාගයක්ම වගේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කොටස්කරැවන් සහ අනුග්‍රාහකයන්. ඒ නිසා ප්‍රවේශපත් 2000 ක් විතර තමා අපිට අලෙවි කරන්න ලැබෙන්නේ. ‍ඒත් මේ වෙ‍නකොටත් ක්‍රීඩාලෝලීන්ගෙන් අපිට ඒ ‍වගේ දෙගුණයකට වඩා අයැදුම්පත් ලැබිලා තියෙනවා” යැයි බ්‍රාන්ස්ග්‍රෝව් මහතා කියා සිටියේය.

“සංචරණ සීමා සහ නිරෝධායන නීති රීති වලට අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් කීදෙනෙක් අවසන් තරගය නැරඹීම සඳහා පැමිණෙනු ඇත්දැයි මට විශ්වාස නැහැ. ඒ නිසා ඔවුන්ගේ ප්‍රවේශපත් ටිකත් අලෙවි කරන්න ලැබෙනවා නම් අපි සතුටු වෙනවා.” යැයිද බ්‍රාන්ස්ග්‍රෝව් මහතා සඳහන් කළේය.

 

-036


අදහස් (0)

අවසන් තරගයට ප්‍රේක්ෂකයන් 4000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.