Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් පූර්ව තරග අනිද්දා ඇරඹේ
නැෂනල් සුපර් ලීග්

අවසන් පූර්ව තරග අනිද්දා ඇරඹේ

editorial - 2022 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අනිද්දා (31 වැනිදා) සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා හම්බන්තොටදී සහ මහනුවරදී පැවැත්වේ. 

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කොළඹ කණ්ඩායමට එරෙහිව එහි සිවුවැනි ස්ථානයේ පසුවන යාපනය කණ්ඩායම තරග වැදීමට නියමිතය. 

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින මහනුවර කණ්ඩායමට එරෙහිව එහි තෙවැනි ස්ථානයේ රැදී සිටින ගාල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත්තේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදීය. 

අවසන් පූර්ව තරගවලින් ජය ලබන කණ්ඩායම් අතර අප්‍රේල් මස 7 වැනිදා සිටය 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය. 

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමග රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙණ අතර අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට අනු ශූරතා කුසලාන සමග රුපියල් ලක්ෂ 25 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. 

තරගාවලියේ වීරයා සඳහා රුපියල් ලක්ෂ 5 ක්ද, දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු යවන්නා සඳහා රුපියල් ලක්ෂ දෙක හමාර බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. 


අදහස් (0)

අවසන් පූර්ව තරග අනිද්දා ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.