Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර් පාසල් ක්‍රිකට් පළමු කොටසේ (ඒ - කාණ්ඩයේ) තරගාවලියේ අවසන් පූර්ව තරග දෙකක් අද සහ හෙට (3 සහ 4) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේදී සහ රාජගිරිය චන්ද්‍රා ද සිල්වා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර අවසන් පූර්ව තරගය රාජගිරිය චන්ද්‍රා ද සිල්වා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර අවසන් පූර්ව තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේදී පැවැත්වෙයි.
මලියදේව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කරමිනි. අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ රාජකීය විදුහල පරාජය කරමින් ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
අමේෂ් තෙන්නකෝන් විසින් මලියදේව විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලබන අතර රහල් අමරසිංහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය පිල මෙහෙයවයි.
අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත ජෝෂප් විදුහල විසින් වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම පරාජය කරන ලදි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කරමින් ශාන්ත බෙනඩික් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ සදීෂ් ජයවර්ධන ශාන්ත ජෝෂප් කණ්ඩායම මෙහෙයවයි. චමත් චාතුර්ය ශාන්ත බෙනඩික් විදුහල් කණ්ඩායම මෙහෙයවයි.
ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම
රහල් අමරසිංහ (නායක), විභවිත් ඇහැලේපොළ (උප නායක), තීරක රණතුංග, සුපුන් වඩුගේ, මනුල කුලරත්න, තරණ විමලධර්ම, කුසල් විජේතුංග, දිනූෂ පීරිස්, දිනුක තෙන්නකෝන්, ජයවි ලියනගම, ජනිත් වර්ණකුල, මලිත් රත්නායක, ලක්වින් අබේසිංහ, විතිල උදාර, යෙවන් හුලංගමුව සහ විදුක ධම්මගේ
නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු), ලක්ෂිත අලහකෝන් (සහකාර පුහුණුකරු), බ්‍රයන් සේනාරත්න (කණ්ඩායම භාර ආචාර්ය)
මලියදේව විද්‍යාලයීය කණ්ඩායම
අමේෂ් තෙන්නකෝන් (නායක), ගයන වීරසිංහ (උප නායක), ජයමින් මුතුකුමාරණ, පසිඳු මේනක, උෂාන් බිම්සර, චාරුක හේරත්, චමත්කාර් හෙට්ටිආරච්චි, මලිත් කුමාරතුංග, දිමත් අබේසිංහ, තවීෂ බාලසූරිය, හරසර සිල්වා, තේමිය බණ්ඩාර, අර්ජුන් සත්සර, රුචිර වේරහැර, චන්දුප අබේසිංහ, විශේන් සදෙව්, ගිෂාන් ද සිල්වා සහ පුන්සිත රොනෙත්
ජානක සෙනෙවිරත්න (ප්‍රධාන පුහුණුකරු), ජාලිය මධුශංක (සහකාර පුහුණුකරු), මහින්ද උඩුවැරැල්ල (කණ්ඩායම භාර ආචාර්ය)
ශාන්ත ජෝෂප් විද්‍යාලයීය කණ්ඩායම
සදීෂ් ජයවර්ධන (නායක), ළහිරු අමරසේකර (උප නායක), හිරුන් මතීෂ, සහන් දාබරේ, අභිෂේක් ජයවීර, හිරාන් ජයසුන්දර, මුදිත ලක්ෂාන්, දිනුක් සේරසිංහ, කාවන් පතිරණ, යෙනුල දෙව්තුස, රිෂ්ම අමරසිංහ, මානස මධුභාෂණ, දුනික් පෙරේරා, ගගන් චමෝද්, නරේන් මුරලිදරන්, සී.ඩී.ඒ. ද අල්විස්, සසංක රණවීර, සෙනෝද් සොයිසා සහ අශාන් විලුක්ෂාන්
ආසිරි කල්දේරා (කණ්ඩායම භාර ආචාර්ය), ඩිලාන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), ඩිනාල් දඹරගේ (සහකාර පුහුණුකරු), ටොරින් පිටිගල (සහකාර පුහුණුකරු)
කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය කණ්ඩායම
චමත් චාතුර්ය (නායක), ඩිලාන් තාබෲ, විදුනෙත් විල්සන්, ෂෙරොන් කන්නන්ගර, ෂෙනාල් සමරතුංග, ශාරුජන් ෂන්මුගනාදන්, කෝජිත හිම්සර, විහාර අත්තනායක, මෙවන් දිසානායක, අර්ෂාන් ජෝශප්, යොහාන් එදිරිසිංහ, නිලක්ෂන් ජයකොඩි, හරේන් ඔලගම, නඳුන් ප්‍රනාන්දු, ඔනේෂ් මයිකල්, එස්. අක්ෂර්, අවීෂ වීරරත්න, දුමිඳු යෙහෙන්, ෂෙරාන් දිසානායක, කෙවින් ජේසන්,
පෙම්ලාල් ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), මධුෂාන් කුලරත්න (සහකාර පුහුණුකරු), ගරු ඩිල්ෂාන් විමුක්ති සහෝදරතුමා (කණ්ඩායම භාර ආචාර්ය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.