Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් වටයේ තරග කොල්කටා - අහමදාබාද්හිදී
අයි.පී.එල්. - 2022

අවසන් වටයේ තරග කොල්කටා - අහමදාබාද්හිදී

editorial - 2022 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග මෙම මස 24 වැනිදා සිට 29 වැනිදා දක්වා කොල්කටාහිදී සහ අහමදාබාද්හිදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. කොරොනා වයිරසයේ බලපෑම හේතුවෙන් මෙම තරගාවලියේ මූලික වටයේ තරග මුම්බායිහිදී සහ පූනේහිදී පමණක් පැවැත්විණ.

ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොහොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය මෙම මස 24 වැනිදා කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටින කණ්ඩායම් එම තරගයට සහභාගිවනු ඇත.

අවසන් වටයේ පරාජිතයන් ඉවත් කිරීමේ තරගය නොහොත් දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේද කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදීය. මෙම මස 25 වැනිදා පැවැත්වෙන එම තරගය, මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වේ.

පළමු අවසන් පූර්ව තරගයේ පරාජිතයන් සහ පරාජිතයන් ඉවත් කිරීමේ තරගයේ ජයග්‍රාහකයන් ගැටෙන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය නොහොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය මෙම මස 27 වැනිදා පැවැත්වෙන්නේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීය.

තරගාවලියේ සමාප්තිය සනිටුහන් කරමින් පැවැත්වෙන අවසන් මහ තරගය මේ මස 29 වැනිදාට යොදා තිබේ. පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සහ දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සහභාගිවන එම තරගයද අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


තරග කාලසටහන
24 වැනිදා - පළමු අවසන් පූර්ව තරගය - කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී
25 වැනිදා - පරාජිතයන් ඉවත් කිරීමේ තරගය - කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී
27 වැනිදා - දෙවැනි අවසන් පූර්ව තරගය - අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී
29 වැනිදා - අවසන් මහ තරගය - අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී

-036

 


අදහස් (0)

අවසන් වටයේ තරග කොල්කටා - අහමදාබාද්හිදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.