Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවිශ්ක වාර්තාවක් අබියස

අවිශ්ක වාර්තාවක් අබියස

editorial - 2021 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අඩුම ඉනිම සංඛ්‍යාවකින් එක්දින ලකුණු 1000 සීමාව පසුකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීම සඳහා වත්මන් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුට අවශ්‍ය වී ඇත්තේ තවත් ඉනිම් දෙකකදී ලකුණු 54 ක් පමණි.

මේ වන විට එක්දින ඉනිම් 24 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 946 ක් ලබා සිටින අවිශ්කට, එම වාර්තාව තමන් සතුකර ගැනීම සඳහා දකුණු අප්‍රිකාව එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ තවත් තරග 2 ක් ඉතිරිව තිබේ.

දකුණු අප්‍රිකාවට ‍එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 118 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්වීමටද අවිෂ්ක සමත් විය. තවමත් 23 වැනි වියේ පසුවන අවිෂ්ක, මොරටුව ශාන්ත සෙබස්තියන් විදු‍හලෙන් බිහිවූ වේගයෙන් පන්දුවට පහරදිය හැකි දක්ෂ දකුණත් පිතිකරුවෙකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම් සංඛ්‍යාවකදී ලකුණු 1000 සීමාව පසුකර ගිය පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්ව සිටින්නේ රෝයි ඩයස්ය. ඒ සඳහා ඔහුට ඉනිම 27 කට මුහුණ දී තිබේ. එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් ඉනිම 28 කදී ලකුණු 1000 සීමාව පසුකර ගොස් ඇත.


අඩුම ඉනිම සංඛ්‍යාවකින් එක්දින ලකුණු 1000 පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ


 

-036

 


අදහස් (0)

අවිශ්ක වාර්තාවක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.