Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවිෂ්ක - කවීෂ - රොමේෂ් ශාන්ත අන්තෝනි විදුහල දිනවති

අවිෂ්ක - කවීෂ - රොමේෂ් ශාන්ත අන්තෝනි විදුහල දිනවති

editorial - 2021 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර ශාන්ත ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 169 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇන්තනී විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ අවිශ්ක තරිඳු (125) ශතකයක් ලබාගත් අතර රොමේෂ් සුරංග ලකුණු 36 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. එම විදුහලේම කවීෂ දුලාංජන (69) අර්ධ ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 28 කට කඩුලු 3 ක් බිඳහෙළමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 50 කදී සියලු දෙනා 272
(අවිශ්ක තරිඳු 125, කවීෂ දුලාංජන 69, කණිෂ්ක ගිම්හාන් 21, මධුෂාන් ද සිල්වා 35/3, දමිඳු සංකල්ප 47/2)

ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 103
(හසිත අමරසිහ 23, රොමේෂ් සුරංග 36/6, කවීෂ දුලාංජන 28/3)


-036

 


අදහස් (0)

අවිෂ්ක - කවීෂ - රොමේෂ් ශාන්ත අන්තෝනි විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.