Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අෂේන් කරුණාරත්නට ලෝකඩ පදක්කමක්

අෂේන් කරුණාරත්නට ලෝකඩ පදක්කමක්

editorial - 2024 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පීජි දූපත් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය (ජ්‍යෙෂ්ඨ - කනිෂ්ඨ - යොවුන්) බර ඉසිලීමේ තරගමාලාවේදී කිලෝග්‍රෑම් 61 බර පංතියේ (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක අෂේන් කරුණාරත්න සමත් විය.

ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 103 ක් ද, ක්ලීන් සහ ජර්ක් ක්‍රමයට කිලෝගෑම් 130 ක් ද (එකතුව කිලෝග්‍රෑම් 233) ඔසවමින් මෙම ලෝකඩ පදක්කම අෂේන් විසින් හිමිකර ගන්නා ලදී.

අෂේන් කොළඹ වෙස්ලි විදුහලේ සිසුවෙකි. මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය ක්‍රීඩකයන් තිදෙනකුට පමණක් සීමාවී තිබේ. වියදම් සොයා ගැනීමේ දුෂ්කරතා නිසා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරග සංචාරයෙන් ඉවත්වූ බවද වාර්තාවේ.

තරගාවලිය ලබන අගහරුවාදා (24) දක්වා පීජි දූපතේ නාඩි නුවරදී පැවැත්වේ.


අදහස් (0)

අෂේන් කරුණාරත්නට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.