Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරුගම්බේ සර්ෆ් සමාජය සහ ආරුගම්බේ බීච් වෙයාර් එක්ව තෙවැනි වරට සංවිධානය කළ මුහුදු රළ මත ලිස්සා යෑමේ (සර්ෆ්) තරගාවලියේ ශූරතාව 9 වරටත් දිනා ගැනීමට ආරුගම්බේ සර්ෆ් සමාජයේ ඩබ්ලිව්. එල්. අසංක සංජීව සමත් විය. අසංක ශ‍්‍රී ලංකා ‘සර්ෆ්’ ශූරතාව පිට පිටම දිනූ 8 වැනි වසර මෙයයි.
ආරුගම්බේ සර්ෆ් සමාජයේම පී. කවීන්ද්‍රන් අනු ශූරතාව හිමිකරගත් අතර ප‍්‍රනීත් සඳරුවන් තෙවැනි ස්ථානය ලබාගත්තේය.
අසංක සංජීව 2004 වසරේදී පළමු වරට මෙම තරගාවලියේ ශූරයා බවට පත්වූ අතර 2006 වසරේ සිට 2012 වසර දක්වා අඛණ්ඩව වසර 7 ක් ශූරයා බවට පත්ව සිටියේය. 2005 වසරේ ශූරයා වූ එස්. සුසන්ත මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.
ෆ‍්‍රැන්සිස්, කවීන්ද්‍රන්, අසංක සහ ප‍්‍රනීත් ජයසංකේත ලබා...
පොතුවිල් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ආරුගම් බොක්ක මුහුදු තීරයේදී තෙදිනක් පැවැති මෙම තරගාවලියේ අවසන් දිනය වූ අද (27 වැනිදා) පෙරවරුවේ පැවැති අවසන් පූර්ව වටයේදී ඩබ්ලිව්. එල්. අසංක සංජීව, පී. කවීන්ද්‍රන්, ප‍්‍රනීත් සඳරුවන් සහ එස්. ෆ‍්‍රැන්සිස් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ. මෙම ක‍්‍රීඩකයන් සිවුදෙනාම ආරුගම්බේ සර්ෆ් සමාජය නියෝජනය කළහ.
ඕස්ටේ‍්‍රලියානු ජාතික පීටර් රයිලි විදේශිය ක‍්‍රීඩකයන්ගේ තරගාවලියේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. ස්විස්ටර්ලන්ත ජාතික රොලි දෙවැනි ස්ථානයටත්, ඕස්ටේ‍්‍රලියානු ජාතික මැල්කම් තෙවැනි ස්ථානයටත් පත්වූහ.
චෙක් ජනරජයේ ඇනා සර්නා විදේශිය කාන්තා තරගයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය. ස්විස්ටර්ලන්තයේ සිමෝනා වෝටර්මියුසික් සහ ඕස්ටේ‍්‍රලියාවේ ඔලිවියා එලිෆ්න්ට් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
ශ‍්‍රී ලංකා ‘සර්ෆ්’ ශූරයා තේරීමේ තරගාවලියේ අවසන් මහා තරගයේදී ක‍්‍රීඩකයන්ට විනාඩි 25 ක කාලයක් ලැබුණි. එහිදී ක‍්‍රීඩකයන් සිවුදෙනා අතර තියුණු තරගයක් පැවැති අතර ආරුගම්බේ මුහුදු වෙරළට රොක්ව සිටි 300 කට අධික විදේශ සංචාරකයන්ගේ දිරිගැන්වීමත් සමග තරගය තවත් තියුණු විය.
එහිදී ප‍්‍රවීණ ක‍්‍රීඩක අංසක ආරම්භක ස්ථානය ආසන්නයේම රැුදෙමින් දිගු රළ හදුනාගෙන තරග කිරීම කැපී පෙනුණි.
අසංක සංජීව අවසන් මහා තරගයේදී...
අංසක අවස්ථා දෙකකදී පමණක් අවසන් ස්ථානයේ සිට නැවතත් ආරම්භක ස්ථානයට දිවගිය අතර සෙසු ක‍්‍රීඩකයන් ඊට වඩා අවස්ථා සංඛ්‍යාවක් නැවතත් ආරම්භක ස්ථානයට දිව යෑමෙන් ඔවුන්ගේ කාලය ඒ සඳහා වැය වූ ආකාරය දැකගත හැකි විය.
අසංක දිගු රළ නිවැරදිව හදුනාගනිමින් විශිෂ්ට ලෙස රළ මත ලිස්සා යෑම සහ කරණම් ගැසීම කැපී පෙනුණි. පී. කවීන්ද්‍රන් සහ ප‍්‍රනීත් සඳරුවන් ද, දක්‍ෂ ලෙස රළ මත ලිස්සා යමින් ලකුණු එකතු කර ගැනීමට සමත් වූ අතර එම දෙදෙනාගේ දෙවැනි සහ තෙවැනි ස්ථාන අතර ලකුණු පරතරය 0.5 කි.
තරගාවලියේ තීරක ලෙස කටයුතු කළ හිටපු ලෝක ශූරයකු වන ඕස්ටේ‍්‍රලියානු ජාතික වයින් ඞීන් මහතා පැවසුවේ අවසන් මිනිත්තු 5 දක්වා පළමු ස්ථානයට අසංක, කවීන්ද්‍රන් සහ සඳරුවන් අතර තියුණු තරගයක් පැවැති බවයි.
මෙම තරගාවලිය 2003 වසරේ ආරම්භ කළ අතර 2011 වසරේ සිට ‘ආරුගම්බේ සර්ෆ් ක්ලැසික්’ ලෙස අනුග‍්‍රහකයන්ගේ දායකත්වයෙන් ප‍්‍රසිද්ධ තරගාවලියක් ලෙස පවත්වා තිබේ. මෙම තරගාවලියේ නිල මාධ්‍ය අනුග‍්‍රහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කළේය.
ඕස්ටේ‍්‍රලියානු ජාතික ඔලිවියා එලිෆින්ට් කාන්තා තරගයේදී...
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක‍්‍රීඩකයෝ:
ඩබ්ලිව්. එල්. අසංක සංජීව, පී. කවින්ද්‍රන්, ආර්. ජොන්සන්, සිරිල් ප‍්‍රනීත්, එස්. ෆ‍්‍රැන්සිස්, ප‍්‍රනීත් සඳරුවන්, (ආරුගම්බේ සර්ෆ් සමාජය), ජේ. වී. සදුන් (මාතර ‐ මිදිගම) සහ ඩබ්ලිව්. එම්. ප‍්‍රදීප් කුමාර (හික්කඩුව)
- යොහාන් භාසුර සහ පොතුවිල් යූ. විජේසිංහ, ආරුගම්බේ සිට...
(ඡයාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා)
එස්. ෆ‍්‍රැන්සිස්ගෙන් පිම්මක්...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.