Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අසන්ත කළමණාකරු තනතුරට

අසන්ත කළමණාකරු තනතුරට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමණාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව එහි උසස් නිලධාරීයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මැයි මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වේ.

“අපිට මේ වන විට කළමණාකරු සම්බන්ධ ගැටළුවක් තියෙනවා. අසන්ත තේරීම් කමිටුව නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නියමිත නිසා ඔහුව කළමණාකරු ලෙසත් පත්කරන්න අපි තීරණය කළා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ වර්තමාන කළමණාකරු ලෙස ජෙරී වවුටර්ස් මහතා කටයුතු කරන අතර පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ ඇතැම් සිදුවීම් සමඟ ඒ මහතාගේ සේවය සම්බන්ධයෙන් ගැටළු මතු වී ඇති බවද වාර්තා වේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 15 දෙනාගේ අවසන් සංචිතය අප්‍රේල් මස 23 වැනිදාට පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාවට යොමු කළ යුතු අතර ඒත් සමඟම පුහුණුකරු සහ කළමණාකරු ඇතුළු සෙසු නිලධාරීන් ද නම් කළ යුතුව තිබේ.  

එසේ නම් කිරීමෙන් පසුව ක්‍රීඩකයන් වෙනස් කිරීමට නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ලෝක කුසලාන තරගාවලිය සඳහා පත්කරන තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය ලැබිය යුතුය.  

 


අදහස් (0)

අසන්ත කළමණාකරු තනතුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.