Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අහන්ගේ ශතකය ජෝන් කීල්ස් දිනවයි

අහන්ගේ ශතකය ජෝන් කීල්ස් දිනවයි

editorial - 2022 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අහන් වික්‍රමසිංහගේ (නොදැවී 102) විශිෂ්ට පිතිහරඹය හමුවේ වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහ තරගයට ජෝන් කීල්ස් පිල සුදුසුකම් ලබාගත්තේය. බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී මෝඩ් ඉංජිනියර්ස් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය ජෝන් ක්‍රිල්ස් පිල ඕවර 36.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අහන් වික්‍රමසිංහ පන්දු 92 කදි හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් ලබාගනිමින් ජෝන් කීල්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. සදීර සමරවික්‍රම පන්දු 92 කදි හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් ලබාගනිමින් ජයග්‍රහණයට දායක විය.

සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 155 කදී ලකුණු 145 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමටද අහන් වික්‍රමසිංහ සහ සදීර සමරවික්‍රම සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මෝඩ් ඉංජිනියර්ස් පිලට ඕවර 37.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණි.

ඉසුරු උදාන පන්දු 30 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් වේගවත් ලකුණු 44 ක් ලබාගත් අතර සම්මු අෂාන් ලකුණු 31 ක් සහ දුෂාන් හේමන්ත ලකුණු 26 ක් ලබාගැනීමට සමත්වූහ.

දුවිඳු තිලකරත්න, ඉෂාන් ජයරත්න සහ අකිල ධනංජය කඩුලු 3 බැගින් දවාගනිමින් මෝඩ් ඉංජිනියර්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට සමත්වූහ.


මෝඩ් ඉංජිනියර්ස් - ඕවර 37.5 කදී සියලුදෙනා දැවී 178
(සම්මු අෂාන් 31, දුෂාන් හේමන්ත 26, ඉසුරු උදාන 44, දුවිඳු තිලකරත්න 28/3, ඉෂාන් ජයරත්න 40/3, අකිල ධනංජය 47/3)

ජෝන් කීල්ස් - ඕවර 36.3 කදී කඩුලු 3 ක් දැවී 179
(සදීර සමරවික්‍රම 50, කවීන් බණ්ඩාර 22, අහන් වික්‍රමසිංහ නොදැවී 102)

 


අදහස් (0)

අහන්ගේ ශතකය ජෝන් කීල්ස් දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.