Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අලුතින් එක් කරන ලද අහමදාබාද් නගරය මූලික කරගත් කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් ලෙස නම් කරනු ලැබීය. හර්දික් පාණ්ඩ්‍යා ගුජරාට් ටයිටන්ස් පිලේ නායකත්වයට පත්කර ඇත.
හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් යුත් අහමදාබාද් කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් ලෙස හඳුන්වනු ලබන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ගුජරාට් ටයිටන්ස් පිලේ හිමිකාරීත්වය පුද්ගලික කොටස් සමාගමක් වන සී.වි.සී කැපිටල් සමාගමට අයත් වන අතර ප්‍රාන්තයේ ක්‍රිකට් උරුමයට උපහාර දැක්වීම සඳහා මෙම නම තෝරාගෙන ඇති බව ඔවුන් පැවසීය.
“මෙම ඵෙතිහාසික ක්‍රිකට් උරුමය නියෝජනය කිරීමට සහ ගොඩනැංවීමට මෙන්ම තණතීරුව මත එහි අනාගත සාර්ථකත්වය ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලබාගෙන තිබෙනවා” යනුවෙන් හිමිකරුවන් නිවේදනයක් නිකුත් කර තිබේ.
“මෙම කණ්ඩායම මගින් ගුජරාටයට සහ එහි බොහෝ උද්යෝගිමත් රසිකයින්ට විශිෂ්ට දේවල් ලබා දිමට අපට අවශ්‍යයි, ඒ නිසා අපි ටයිටන්ස් යන නම තෝරා ගත්තා” යැයි ගුජරාට් ටයිටන්ස් පිලේ බලයලත් “අපට අවශ්‍ය වන්නේ ඉහළ දක්ෂතා විතරක් නෙවේ. ක්‍රීඩාවේ යෝධ පුරුෂයන් වීමට ආභාෂය ලබන පුද්ගලයන් ඕන වෙනවා”යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
අයි.පී.එල් තරඟාවලියේ 15 වන වාරය සඳහා මේ වනවිටත් ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සහ තරුණ ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල් ගුජරාට් පිල සමගින් ගිවිසුම් ගත වී සිටිති.
හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අශිෂ් නේරා මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසත්, වික්‍රම් සෝලංකි මහතා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙසත්, ලෝක කුසලාන ජයග්‍රාහී පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා කණ්ඩායමේ උපදේශක සහ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.