Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අළු බඳුනෙන් ඕස්ටේ‍්‍රලියාව උඩට
අළුබඳුන

අළු බඳුනෙන් ඕස්ටේ‍්‍රලියාව උඩට

editorial - 2021 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේදී එංගලන්තයට එරෙහිව ඉනිමක ජයක් වාර්තා කළ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අද (28 වැනිදා) සමත්විය.

ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ජයග‍්‍රාහී ප‍්‍රතිශතය 100% ක් ලෙස පැවතුනද  ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 36 ක් ලබා තිබීම හේතුවෙන් ඔවුන්ට පෙරමුණ ගැනීමට හැකිවිය. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ප‍්‍රසාද ලකුණු 24 ක් පමණි.

ජයග‍්‍රාහි ප‍්‍රතිශතය 75% ක් ලබාගෙන ඇති පාකිස්තානය තෙවැනි ස්තානයේ පසුවන අතර ඉන්දියාව (58.33%) සිව්වැනි ස්ථානයේ පසුවන්නේය. බටහිර ඉන්දීය කොදෙව් පිල (25.00%) 5 වැනි ස්ථානයටත්, නවසීලන්තය (15.00%) 6 වැනි ස්ථානයටත් පත්ව ඇත.

අද ලැබූ පරාජයත් සමගින් ජයග‍්‍රාහී ප‍්‍රතිශතය තවත් පහළ ගිය එංගලන්තය (07.14%) 7 වැනි ස්ථානයේ පසුවේ. 8 වැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශ පිලේ ජයග‍්‍රාහි ප‍්‍රතිශතය 0.00% කි.

 


අදහස් (0)

අළු බඳුනෙන් ඕස්ටේ‍්‍රලියාව උඩට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.