Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිට කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක සහිඩ් අෆ්රිඩි පාකිස්තාන සුපර් ලීග් තරගාවලියෙන් ඉවත් වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.
ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රමුඛතම දේශීය විස්සයි20 ලීග් තරඟාවලිය වන පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය මාර්තු මාසයේ 4 වැනිදා කල්දැමීය. කරච්චි නුවර මේ වනවිට පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමගින් තරගාවලිය එක්සත් අරාබී එමීර් රාජ්‍යය වෙත ගෙනගොස් ඇති අතර එහිදී ඉතිරි තරඟ 20 පැවැත්වීමට නියමිතව තිබේ.
කරච්චි නුවර පැවති ලීග් තරඟ 5 න් 4 කටම අෆ්රිඩි තරග වැදුණු නමුත් ඔහුගේ දස්කම් අපේක්‍ෂිත මට්ටමේ නොවීය. ඉනිම දෙකකදී ලකුණු 3 ක් ලබාගත් අෆ්රීඩි ඕවර 15 කදී දවාගෙන ඇත්තේ කඩුලු 2 ක් පමණි. කරච්චි නුවර පැවති පුහුණුවීම් අතරතුර අෆ්රිඩිගේ පිට කොන්දේ වේදනාවක් ඇතිවිය. එහිදි පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයකු විසින් ඔහුට විවේක ගන්නා ලෙස නියම කර ඇත.
“අවාසනාවකට මෙන්, මට විවේක ගන්න කියලා උපදෙස් දී තිබෙනවා. මට තවදුරටත් මගේ කණ්ඩායම වන මුල්තාන් සුල්තාන් සමඟ ඉදිරියට යා නොහැකියි,.... තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවීම ගැන මම කලකිරීලා ඉන්නේ. නමුත් කුසලානය ලබා ගැනීම සඳහා මගේ සුභ පැතුම් එක්කරමින් යාච්ඥා කරනවා. එමෙන්ම ඔවුන්ට සහයෝගය පළකරමින් කණ්ඩායම සමඟ සිටිනවා.” යයි අෆ්රිඩි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මුල්තාන් කණ්ඩායම තරඟ 5 න් 1 ක් පමණක් ජයගෙන ඇති අතර ලකුණු සටහනේ පස්වන ස්ථානයේ සිටී.
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 20 සඳහා වන කාලසටහන පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් පාකිස්තාන කණ්ඩායම ජුනි 23 වනදා එංගලන්තය බලා පිටත්ව යාමට පෙර තරඟාවලිය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.