Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2022 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ  මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 117 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (18 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. එහිදී පළමු ඉනිමේ ජයක් ලැබූ රිච්මන්ඩ් විදුහල තරගයේ වැඩි ගෞරව දිනාගත්තේය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 164 ක ඉලක්කයක් හඹායෑම සඳහා දෙවැනි දිනයේ පස්වරු 3.00 ට පිටියට පිවිසි මහින්ද විදුහල් ආරම්භක පිතිකරු යුගලයට ක්‍රීඩා කළ හැකි වූයේ ඕවර 11.5 ක් පමණි. පස්වරු 3.45 ට පමණ වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීම නිසා දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 12 ක් ලබා සිටියදී ඔවුන්ට ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවිය.
 
පළමු දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටි මහින්ද විදුහල් ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 60 ක් එක්කර ගත්හ. එහිදී ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගත් නාලක ජයවර්ධන රිච්මන්ඩ් විදුහලට පළමු ඉනිමේ වැඩි වාසි අත්කර දුන්නේය.

ලකුණු 46 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ රිච්මන්ඩ් විදුහල කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවමින් මහින්ද විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. ඒ වන විට රිච්මන්ඩ් විදුහලේ මහීෂ වෙත්මින් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 30 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ මහින්ද විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විදුහල, පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 174 ක් ලබා ගත්තේය. එහිදී ආරම්භක පිතිකරු තරිඳු නිර්මාල් හතරේ පහර 8 ක් සමග ලකුණු 67 ක් රැස්කළේය. නායක භානුක මනෝහර (34) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද තරිඳු සමත් විය.


රිච්මන්ඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 60.4 කදී සියලු දෙනා දැවී 174
(තරිඳු නිර්මාල් 67, භානුක මනෝහර 34, ෂෙහාන් හසරංග 53/3, දනුජ ඉඳුවර 23/2, දිනුර කළුපහන 27/2)

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 51.1 කදී සියලු දෙනා දැවී 128
(හිරුන මන්දිල 39, දිනුර කළුපහන 37, ප්‍රමේෂ් මධුභාෂන 22, නාලක ජයවර්ධන 19/4, ශරෝන් අභිෂේක් 38/3)

රිච්මන්ඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 37.3 කදී කඩුලු 7 ක් දැවී 117
(මහීෂ වෙත්මින් නොදැවී 30, භානුක මනෝහර 27, හිරුන මන්දිල 21/4)

මහින්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 11.3 කදී කිසිවකු නොදැවී 12

 


අදහස් (0)

ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.