Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආදි නාලන්දා ක්‍රීඩා සමාජයේ නව සභාපති තනතුර දිනුකට

ආදි නාලන්දා ක්‍රීඩා සමාජයේ නව සභාපති තනතුර දිනුකට

editorial - 2024 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආදි නාලන්දා ක්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් දිනුක චන්ද්‍රරත්න මහතා තේරී පත්විය. ආදි නාලන්දා ක්‍රීඩා සමාජයේ 59 වැනි මහ සභා රැස්වීම පසුගිය 11 වැනිදා පැවැත්විණ.

ක්‍රීඩා සමාජයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් චරිත් සූරියබණ්ඩාර මහතා තේරීපත්වූ අතර භාණ්ඩාගාරික තනතුර චරිත් කමලදාස මහතාට හිමිවිය. ප්‍රධාන කමිටුව නිලධාරීන් 40 දෙනකුගෙන් සමන්විතය. විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා මහතා ප්‍රධාන අනුශාසකවරයා වශයෙන් නිල බලයෙන් පත්ව සිටී. අනුශාසක මණ්ඩලය සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විතය.

උපදේශක මණ්ඩලයට 12 දෙනෙක් ඇතුළත් වෙති.

 

2024-25 පරිපාලන කාලය වෙනුවෙන් පත්වූ නව නිලධාරී මණ්ඩලය පහත පරිදිය.

සභාපති - දිනුක චන්ද්‍රරත්න මහතා

ජ්‍යෙෂ්ඨ උප සභාපති - රියර් අද්මිරාල් එච්.ආර්. අමරවීර (විශ්‍රාමික) මහතා

ලේකම් - චරිත් සූරියබණ්ඩාර මහතා

භාණ්ඩාගාරික - චරිත් කමලදාස මහතා

ආසන්නතම හිටපු සභාපති - ප්‍රියන්ත දසනායක මහතා

උප සභාපතිවරු - පී.ඩී. චන්ද්‍රරත්න, චරිත් ද අල්විස්, අසෝක වන්නිආරච්චි, එෆ්. මොරායස්, මහින්ද පතිරගේ, සුරාජ් වන්නිආරච්චි, දිල්හාන් ජයසුන්දර, ආනන්ද චන්ද්‍රසිරි, වින්දුල සිරිවර්ධන සහ හසන්ජිත් කුරුප්පුආරච්චි යන මහත්වරු

උප ලේකම් - රජීව් ගමගේ මහතා

උප භාණ්ඩාගාරික - රජිව් හේවගේ මහතා

අනුශාසක කමිටුව - ඉරාන් චම්පික ද සිල්වා (විදුහල්පති සහ ප්‍රධාන අනුශාසක), අසෝක විජේතිලක, ජයන්ත සෙනෙවිරත්න, එල්. ඒ. පෙරේරා, හේම විජේරත්න, ජස්ටින් ජයසූරිය, ඊස්ට්මන් නරංගොඩ යන මහත්වරු

උපදේශක මණ්ඩලය - ස්ටැන්ලි ජයසිංහ, පාලි විජේරත්න, සිසිර මෙන්ඩිස්, වික්ටර් සූරියබණ්ඩාර, ගාමිණී කරුණාතිලක, රංජිත් ද මැල්, ඒ.කේ.ටී. පෙරේරා, නන්දන වක්කුඹුර, සාලින්ද රුද්රිගු, සුදත් ලියනසූරිය, රොෂාන් මහානාම සහ මහේල ජයවර්ධන යන මහත්වරු


අදහස් (0)

ආදි නාලන්දා ක්‍රීඩා සමාජයේ නව සභාපති තනතුර දිනුකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.