Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා ජාතික ආධුනික චෙස් තරගාවලිය අද (16) සිට 20 වැනිදා දක්වා පස් දිනක් පුරා නුගේගොඩ සන්හිද ශාලාවේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය කාන්තා, පිරිමි ලෙස පැවැත්වෙන අතර එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස ද පැවැත්වේ.
මේ තරගාවලියට සහභාගී විය හැක්කේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000ට අඩු මෙරට චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පමණි. ඒ අනුව දිවයිනේ චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 500කට වැඩි පිරිසක් තරගාවලියට සහභාගීවනු ඇතැයි ශ්‍රී ලංකා චෙස් සම්මේලනය කියයි.
තරගාවලිය තරග වට දහයකි. තරගාවලිය ආරම්භක දිනය වන අද (16) සිට 20 දක්වා දින පහේම දිනකට තරග වට දෙක බැගින් පවත්වා තරග වට දහය නිමාවට පත් කෙරේ. එම තරග වට දහයෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත තරගාවලියේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබයි. ඔවුනට පදක්කම් සහ මුදල් ත්‍යාග පිරිනැමේ.
පිරිමි තරගාවලියේ ශූරයාට මුදලින් රුපියල් 100000ක් ද, අනු ශූරයාට රුපියල් 50000ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 30000ක්ද, සිවු වැනි සහ පස් වැනි ස්ථාන සදහා මුදලින් රුපියල් 20000 බැගින්ද හය වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා රුපියල් 10000 බැගින්ද පිරිනැමේ.
කාන්තා තරගාවලියේ ශූරියට මුදලින් රුපියල් 50000ක්ද, අනු ශූරියට රුපියල් 30000ක්ද, තෙවැනි ස්ථානය සදහා රුපියල් 20000ක්ද, සිවුවැනි සහ පස් වැනිස්ථාන දෙක සදහා රුපියල් 10000ක් බැගින්ද හය වැනි ස්ථානයේ සිට
15 වැනි ස්ථානය දක්වා රුපියල් 6000 බැගින්ද පිරිනැමේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.