Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර දිවංගත ආචාර්ය පී. ද එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය අප්‍රේල් මස 3 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතය. ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ ප්‍රධාන අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගය ඩයලොග් ටී.වී. නාලිකා අංක 140 ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙනු ඇත.
මෙවර තරගයේදී කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩක සවිරු බණ්ඩාර විසින් මෙහෙයවනු ලබද්දී, නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම රවීන් ද සිල්වාගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසෙයි.
සංවිධායකයින් විසින් පිළිපැදිය යුතු නිශ්චිත මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම තරගය පැවැත්වීමට අදාළ රජයේ බලධාරීන් අවසර ලබාදී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව තරගය පැවැත්වීමට නියමිතය. තවද පාසල් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කණ්ඩායම් ද්විත්වය සහ තරග නිලධාරීන් සියලුම කොවිඞ්-19 නිර්දේශ සහ සෞඛ්‍යාරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇත.
මේ වන විට ආනන්ද විද්‍යාලය මෙම තරගාවලි ඉතිහාසයේ ජයග්‍රහණ 12 ක් ලබා පෙරමුණේ පසුවන අතර නාලන්දා විද්‍යාලය තරග 6 ක ජයග්‍රහණය තමන් සතු කරගෙන තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් ද්විත්වයක් වන අතර මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වැඩිම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාවද (ක්‍රීඩකයින් 55කට වැඩි) බිහි කර තිබේ. එම ක්‍රීඩකයින් අතුරින් 6 දෙනකු එනම් දිවංගත බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙවීමේ ගෞරවයටද හිමිකම් කියති.
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක දිවංගත බන්දුල වර්ණපුර නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන අතර 1996 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ අර්ජුන රණතුංග කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවූවෙකි.
ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගම ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ විද්‍යුත් ක්‍රීඩා කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් සහ යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමටද ඩයලොග් සමාගම කටයුතු කර ඇත.
ඡායාරූපය (වමේ සිට දකුණට) - ආනන්ද විද්‍යාල ‘සුලෝහිත සංග්‍රාමය’ ඒකාබද්ධ තරග කමිටුවේ සම සභාපති බිමල් විජයසිංහ මහතා, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා, ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන නිලධාරී (ව්‍යාපෘති කළමනාකරණ සහ සන්නිවේදන යටිතල පහසුකම්) උපාලි ගජනායක මහතා, නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා සහ නාලන්දා විද්‍යාල ‘සුලෝහිත සංග්‍රාමය’ ඒකාබද්ධ තරග කමිටුවේ සම සභාපති වරුණ රත්නවීර මහතා
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.