Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආරක්ෂක සේවා පාපැදි ශූරයා අවිෂ්ක : ශූරිය ෂෙනාලි

ආරක්ෂක සේවා පාපැදි ශූරයා අවිෂ්ක : ශූරිය ෂෙනාලි

editorial - 2023 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ ආරක්ෂක සේවා පාපැදි තරගාවලිය ජයගැනීමට යුද හමුදාවේ අවිෂ්ක මැඩොන්සා සමත් විය. කිලෝ මීටර් 145.4 ක දුරකින් සමන්විත වූ මෙම තරගය අවසන් කිරීම සඳහා මැඩොන්සාට පැය 3:26:50 ක කාලයක් ගතවිය.

ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 30 දෙනකු මෙම තරගය සඳහා සහභාගි වූ අතර ඉන් 27 දෙනකු තරගය නිමා කළහ. මැඩොන්සාට වඩා තත්ත්පරයක් පසුපසින් පැමිණි පොකුරේ සිටි යුද හමුදාවේ පසිඳු තිසේරා දෙවැනි ස්ථානයටත්, ගුවන් හමුදාවේ සංජු දීමන්ත තෙවැනි ස්ථානයටත් පත්වූහ.

ලකුණක පරතරයකින් මෙම තරගයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට යුද හමුදාව සමත් වූ අතර පළමු වැනියා සහ දෙවැනියාද ඇතුළත්ව තරගකරුවන් 6 දෙනෙක් පළමු 15 දෙනා අතරට එමින් ලකුණු 21 ක් ලබා යුද හමුදාව එම ශූරතාවට හිමිකම් කීවේය.

තෙවැනියා සහ සිවුවැනියාද ඇතුළත්ව තරගකරුවන් 5 දෙනෙක් පළමු 15 දෙනා අතරට එමින් ලකුණු 20 කට හිමිකම් කී ගුවන් හමුදාව තරගයේ කණ්ඩායම් අනු ශූරතාව හිමිකර ගත්තේය. තරගයේදී ක්‍රීඩකයන් රඳවාගත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 42.24 ක අගයක් ගත්තේය.

මෙම තරගයට සමගාමීව පැවැති කාන්තා තරගය ජයගැනීමට නාවික හමුදාවේ ඈන් ෂෙනාලි සමත් වූවාය. කිලෝ මීටර් 65.2 ක දුරකින් සමන්විත වූ එම තරගය අවසන් කිරීම සඳහා ඇයට වැය වූ කාලය පැව 2:02:47 කි.

ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති එම තරගයේ දෙවැනි ස්ථානය ෂෙනාලි සමග එක පොකරේ පැමිණ තරගය නිමා කළ යුද හමුදාවේ මධුමාලි ප්‍රනාන්දුත්, තෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ පංචාලි සුලෝචනාත් හිමිකරගත්හ.

සහභාගි වූ ක්‍රීඩිකාවන් 17 දෙනාම තරගය නිමා කළ අතර ඔවුන්ගෙන් 13 දෙනකුම ජයග්‍රාහිකාව සමග එක පොකුරේ පැමිණ තරගය නිමා කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය. කාන්තා අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට නාවික හමුදාව සමත් වෙද්දී, එහි අනු ශූරතාව යුද හමුදාවට හිමිවිය.


පිරිමි තරග ප්‍රතිඵල
1 අවිෂ්ක මැඩොන්සා (යුද හමුදාව) - පැය 3:26:50
2 පසිඳු තිසේරා (යුද හමුදාව) - පැය 3:26:51
3 සංජු දීමන්ත (ගුවන් හමුදාව) - පැය 3:26:51
4 නිඳුෂ් ප්‍රනාන්දු (ගුවන් හමුදාව) - පැය 3:26:51
5 සුරේෂ් ප්‍රසංග (නාවික හමුදාව) - පැය 3:26:51
6 නවින් රුචිර (ගුවන් හමුදාව) - පැය 3:26:51
7 ජානක හේමන්ත (නාවික හමුදාව) - පැය 3:26:51
8 ප්‍රබාෂ් මධුෂංක (නාවික හමුදාව) - පැය 3:26:51
9 චරිත් ප්‍රනාන්දු (යුද හමුදාව) - පැය 3:26:51
10 සඳරුවන් පින්ටෝ (යුද හමුදාව) - පැය 3:26:51


කාන්තා තරග ප්‍රතිඵල
1 ඈන් ෂෙනාලි (නාවික හමුදාව) - පැය 2:02:47
2 මධුමාලි ප්‍රනාන්දු (යුද හමුදාව) - පැය 2:02:47
3 පංචාලි සුලෝචනා (ගුවන් හමුදාව) - පැය 2:02:47
4 අයේෂා මධුෂානි (නාවික හමුදාව) - පැය 2:02:47
5 ආක්ෂා සඳමිනි (යුද හමුදාව) - පැය 2:02:47
6 සුදාරිකා ප්‍රියදර්ශනී (ගුවන් හමුදාව) - පැය 2:02:47
7 දිනේෂා දිල්රුක්ෂි (ගුවන් හමුදාව) - පැය 2:02:47
8 යූ.එන්. කුමාරසිංහ (යුද හමුදාව) - පැය 2:02:47
9 ඩී.එස්. කරුණාරත්න (යුද හමුදාව) - පැය 2:02:47
10 නිමේෂා දිල්රුක්ෂි (යුද හමුදාව) - පැය 2:02:47

 


අදහස් (0)

ආරක්ෂක සේවා පාපැදි ශූරයා අවිෂ්ක : ශූරිය ෂෙනාලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.