Last Update  :  2025-04-10 17:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආරාධිත පාසල් චෙස් තරගාවලිය අද සිට

ආරාධිත පාසල් චෙස් තරගාවලිය අද සිට

editorial - 2025 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

රජවරුන්ගේ සටන ආරාධිත පාසල් කණ්ඩායම් චෙස් තරගාවලිය අද (4) හෙට (5) සහ අනිද්දා(28) කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ. කොළඹ රාජකීය විදුහල් චෙස් කීඩා සමාජය විසින් මේ චෙස් තරගාවලිය සංවිධානය කරනු ලබයි.මෙවර මේ තරගාවලිය පැවැත්වෙනුයේ 28 වැනි වරටය.

කාන්තා සහ පිරිමි අංශ දෙකින්ම තරගාවලිය පවත්වනු ලබන අතර දුරබැහැර පාසල් චෙස් කණ්ඩායම් සදහා නේවාසික පහසුකම් නොමිලයේ සැපයීමටද සංවිධායකයන් කටයුතු කර තිබේ.

තරගාවලිය තරග වට පහකින් සමන්විතය. තරග වට පහෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත තරගාවලියේ ජයහාහක පාසල් කණ්ඩයම් තෝරාගනු ලබයි.
           
තරගාවලිය සදහා ආරාධනා ලබා ඇත්තේ චෙස් කීඩාවට ප්‍රසිද්ධියක් දක්වන පාසල් 25 ක් පමණි. 


අදහස් (0)

ආරාධිත පාසල් චෙස් තරගාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.