Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එළබෙන ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමේ අරමුණින් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් ලීගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
කණ්ඩායම් 4 ක් තරග වදින මෙම තරගාවලිය අගෝස්තු මස 9 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 3 සමගින් එක් වරක් බැගින් තරග වදින අතර මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වේ.
ජාත්‍යන්තර වරම් දිනූ සහ පළමු පෙළ තරග සඳහා සහභාගි වන ක්‍රීඩකයන් 60 දෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම තරගාවලිය සඳහා තෝරාගනු ලැබ සිටිති.
කණ්ඩායම් 4 සහ ඒවාහි නායකයන් පිළිඹදව ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
මෙම තරගාවලියේ තරග සියල්ල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.