Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චීනය-තායිපේ රාජ්‍යයේදී ලබන ජුනි 11 වැනිදා ආරම්භවන 16 එහි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කිරීමට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය තීරණය කර තිබේ.
මෙම තේරීම කරන ලද්දේ සුගතදාස කී‍්‍රඩාංගණයේ පසුගියදා පැවැති ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ දක්‍ෂතා සැලකිල්ලට ගනිමිනි.
කී‍්‍රඩකයන් 12 දෙනෙකු හා කී‍්‍රඩිකාවන් හය දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරුවෝ දෙදෙනෙන් හා කී‍්‍රඩිකාවන් භාර නිලධාරිනියක්ද ඇතුළත් වෙති.
කණ්ඩායම් ප‍්‍රධානියා ලෙස මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිවරයෙකු වන එච්.ඩබ්. නිමල්සිරි මහතා නම්කර තිබේ. ඊ රණවීර මහත්මිය කි‍්‍රඩිකාවන් භාර නිලධාරිනිය ලෙසත් සී.එම්. පෙරේරා හා පිලිප් රංජිත් යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩාමේ පුහුණුකරුවන් ලෙසත් නම්කරනු ලැබ සිටිති.
මෙවර ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය ජුනි 16 වැනිදා දක්වා පැවැත්වේ. පසුගිය තරගාවලිය කොළඹදී පැවැත්වුණු අවස්ථාවේදි ශ්‍රී ලංකාව සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්විය.
එහිදී වසර 18කට පසුව ශ්‍රී ලංකාව එම තරගාවලියේ රන් පදක්කම් දිනාගත් අතර වසර 24කට පසු පිටියේ ඉසව්වකින් පදක්කමක්ද හිමිකර ගත්තේය එපමණක් නොව 1986දී තරගාවලිය ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් දිනා ගත්තේද (2012) තරගාවලියේදීය.
එහිදී රන්, රිදී, හා ලෝකඩ පදක්කම් දෙක බැගින් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
මීටර් 400 (කාන්තා) ඉසව්වෙන් ෂිවන්ති කුමාරි රත්නායක (තත්. 55.91) හා එම පිරිමි ඉසව්වෙන් දුලාෂ් මධුශංක රණසිංහ (තත් 47.36) ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දුන්හ.
1994 දී දමන්ති දර්ශා මීටර් 100 (කාන්තා) ඉසව්වෙන්ද හා සුසන්තිකා ජයසිංහ මීටර 200 කාන්තා ඉසව්වෙන්ද දිනාගත් රන් පදක්කම් ශ්‍රී ලංකාව ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියකදී හිමිකරගත් පළමු රන් පදක්කම් වේ.
මෙවර ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අනුමැතිය සඳහා කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා වෙත යොමු කර තිබේ.
16 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම.
පිරිමි කණ්ඩායම :
හිමේෂ හේෂාන් (මීටර 100-මීටර 200), ජේ.එන්.සචින්ත (මීටර100-මීටර 100X4), එන්. කරුණාසිංහ (තුන් පිම්ම,) එම්. ජයසේකර (රිටි පැනීම), එම්.කේ. කසුන්ත (මීටර 800-මීටර 400X4) බී. ලක්මාල් (මීටර 400-මීටර 400X4) සචින්ත වේනුක (මීටර 400X4) ජී.ඒ. රත්නායක (මීටර 400X4), ආර්.ඒ. විදුෂංක (මීටර 400X4*,නවින් මුතුආරච්චි (මීටර 100X4) ඒ. කාරියවසම් (මීටර 100X4) හා ඒ.එස්.ඞී. ද සිල්වා (මීටර 100X4)
කාන්තා කණ්ඩායම :
විදුෂා ලක්ෂානි (තුන් පිම්ම), එස්. සිල්වා (දුර පැනීම), එන්.ඞී. ප‍්‍රනාන්දු (මීටර 800), එම්. කේ. මධුෂානි (මීට 400-කඩුලූ මීටර 400X4) ඞී. උදයංගනී (මීටර 400X4) හා එම්. කිත්මිණි (මීටර 400X4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.