Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර කි‍්‍රකට් තරගාවලියේ ශුරතාව දිනාගැනීමට ඉන්දියා වයස 23 න් පහළ පිල අද (25 වැනිදා) සමත්විය.
සිංගප්පූරුවේදී පැවැති මෙම තරගාවලියේදී ඉන්දියා පිල ශුරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී පාකිස්තානු වයස 23 න් පහළ පිල කඩුලූ 9 කින් පරාජය කරමිනි.
ලකුණු 160 ක ජයග‍්‍රාහී ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට ඉන්දියා පිල සමත්වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 167 කදී ලකුණු 132 ක නොබිඳුන සම්බන්ධතාවයක් ගොඩනැගූ ලොකේෂ් රාහුල් (නොදැවී 93) සහ මන්පී‍්‍රත් ජුනේජා (නෙදැවී 51) තම පිලේ ජයග‍්‍රහණය තහවුරු කළහ.
පන්දු 107 කින් වාර්තා වූ ලොකේෂ් රාහුල්ගේ ලකුණු 93 ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් අන්තර්ගත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු 23 න් පහළ පිල ලකුණු 107 කට කඩුලූ 9 දැවී, අසීරු අඩියක පසුවූ මොහොතේ පන්දු 104 කට මුහුණ දෙමින් ලකුණු 52 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ උස්මන් ඛදීර් (33) සහ ඒසන් ආදිල් (නොදැවී 20) යුගලය තම පිලේ ලකුණු සංඛ්‍යාව 159 දක්වා ඔසවා තැබීමට සමත්වූහ.
එහිදී ඉන්දීය පිලේ දකුණතින් පිට දඟ පන්දු යවන කී‍්‍රඩක බාබා අපරාජිත් ලකුණු 28 කට කඩුලූ 3 ක් දවාගත්තේ අවසන් පූර්ව තරගයේදී අර්ධ ශතකයක් රැස්කරමින් එම තරගය ජයග‍්‍රහණය කරා රැගෙන ගිය පාකිස්තාන පිලේ නායක හම්මද් අසාම්ගේ කඩුල්ලත් සමගිනි.
පාකිස්තාන වයස 23 න් පහළ පිල - ඕවර් 50 කදී සියලූදෙනා දැවී 159
(මොහොමඞ් රිස්වාන් 21, උමාර් වහීඞ් 41, උස්මන් සලහුඞීන් 15, උස්මන් ඛදීර් 33, ඒසන් ආදිල් නොදැවී 20, බාබා අපරාජිත් 28/3, සන්දීප් ශර්මා 20/2, සූර්යකුමාර් යාදව් 20/2)
ඉන්දියා වයස 23 න් පහළ පිල - ඕවර් 33.4 කදී එක් කඩුල්ලක් දැවී 160
(ලෝකේෂ් රාහුල් 93, අන්මුක්ත් චන්ද් 15, මන්පී‍්‍රත් ජුනේජා නොදැවී 51)
- 036
ඡයාරූපය : ආසියානු කි‍්‍රකට් සභා වෙබ් අඩවි අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.