Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරග කොළඹදී

ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරග කොළඹදී

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය සැප්තැම්බර් මස හෝ ඔක්තෝබර් මස කොළඹදී පැවැත්වීමට සැලසුම් සකසමින් සිටින බව ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනයේ සභාපති සුගත් තිලකරත්න මහතා පවසයි.

අපොස උසස්පෙළ විභාගය පැවැත්වෙන නිසා ශූරතාවලිය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවත්, දකුණු ආසියානු තරගාවලිය නොමැතිනම් ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා  තරගාවලියක් හෝ ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු කරන බව තිලකරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලි ඉලක්ක කරමින් ශ‍්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම තෝරා ගැනීමේ තරග අපේ‍්‍රල් මස 8 සහ 9 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය කටයුතු යොදා තිබේ.

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය 2007 වසරේ කොළඹදී පළමු වරට සංවිධානය කෙරිණ. 2013 වසරේ ඉන්දියාවේදී පැවැත්වීමෙන් පසුව තරගාවලිය මේ වන තෙක් පවත්වා නොමැත.

අපේ‍්‍රල් මස පැවැත්වෙන කනිෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ තේරීම් තරගාවලියේදී අන්තර්ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලි දෙකක් සඳහා ක‍්‍රීීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනේ.

 ජුනි මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා වියට්නාමයේදී පැවැත්වෙන 17 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය සහ ජුලි මස 19 වැනිදා රුසියාවේදී ආරම්භවන තෙවැනි ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය මේ වසරේදී පැවැත්වෙන අන්තර්ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය අතර ප‍්‍රධාන තැනක් ගනී.

 


අදහස් (0)

ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරග කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.