Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු කනිෂ්ඨ ශූරතාවලියට 24 ක් යති

ආසියානු කනිෂ්ඨ ශූරතාවලියට 24 ක් යති

ශනුක අරවින්ද - 2016 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වියට්නාමයේදී පැවැත්වෙන 17 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතය. තරගාවලිය ජුනි මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා වියට්නාමයේ හෝචි මින්ග් නගරයේදී පැවැත්වේ.

ආසියානු රටවල වයස 20 න් පහළ කනිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දස්කම් උරගා බැලීම ස`දහා මෙම තරගාවලිය වසර දෙකකට වරක් සංවිධානය කෙරේ.

දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති 55 වැනි ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී මෙන්ම ජාත්‍යන්තර තරගවලදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දැක් වු දස්කම් සලකා බලා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය විසින් මෙම කණ්ඩායම ප‍්‍රකාශයට පත් කරන ලදී.

ක‍්‍රීඩකයෝ 17 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ හත් දෙනෙක් සංචාරක ශ‍්‍රී ලංකා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා කණ්ඩායමට ඇතුළත්වෙති.

මේ දිනවල දෝහා කටාර්’හි පුහුණු ක`දවුරකට සහභාගි වී සිටින ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ උස පැනීමේ ක‍්‍රීඩක ධම්මික රොෂාන් රණතුංග පොදුරාජ්‍ය මණ්ඩලයීය කනිෂ්ඨ ක‍්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනාගත් ක‍්‍රීඩකයෙකි.

ඔමායා උදයංගනී, දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මීටර 400 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත් ක‍්‍රීඩිකාවයි. ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී රිටී පැනීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකා වාර්තාවක්  පිහිටු වු හර්ෂනී කුමාරි ධර්මරත්නද මෙම තරගාවලියට සහභාගිවීම කැපී පෙනේ.

ශ‍්‍රී ලංකා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා කණ්ඩායම:

පිරිමි කණ්ඩායම
අකිල රවිශංක (රත්නපුර සීවලී, මීටර 110 කඩුලූ පැන දිවීම), උදිත චන්ද්‍රසේන (මීගමුව මාරිස්ටෙලා, මීටර 400 කඩුලූ පැන දිවීම), ගේ‍්‍රෂාන් ධනංජය (වෙන්නප්පුව ජෝශප් වාස්, තුන් පිම්ම, දුර පැනීම), චමල් කුමාරසිරි (මීරිගම ඞී.එස්.සේනානායක, තුන් පිම්ම), ධම්මික රොෂාන් රණතුංග (ගොඩකවෙල කුලරත්න, උස පැනීම), මිතුම් මෙහිරංග (කොළඹ රාජකීය, මීටර 800), චාමික වීරවර්ධන (මහනුවර ශා.අන්තෝනි, මීටර 400, මීටර 400x4), කේ. එල්. සමරසිංහ (ගම්පහ බණ්ඩාරනායක, මීටර 400, මීටර 400×4), අරුණ දර්ශන (අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ, මීටර 400), ඒ. එස්. ලක්ෂාන් (කොළඹ නාලන්දා, මීටර 400), තරුෂ ධනංජය (කොළඹ ලූම්බිණි, මීටර 400), අරෝෂ කාරියවසම් (කොළඹ ආනන්ද, මීටර 100), ශානක රත්වත්තෙ (මහනුවර ත‍්‍රිත්ව, මීටර 100), සහන් රාජපක්ෂ (කොටහේන ශා.බෙනඩික්, මීටර 100), ජීත් සිල්වා (කොළඹ ආනන්ද, මීටර 100), ඉෂාන් කාවින්ද (කුරුණෑගල දිස්ත‍්‍රික් සංගමය, මීටර 100) සුපුන ප‍්‍රියංජන (ලංකා ජවන හා පිටිය ම.ක‍්‍රී. මීටර 10000)

කාන්තා කණ්ඩායම
ඔමායා උදයංගනී ධර්මරත්න (වැලිමඩ මැදි විදුහල, මීටර 400), හර්ෂනී ධර්මරත්න (වලල ඒ. රත්නායක මැදි විදුහල, රිටි පැනීම), හර්ෂනී බාලසුරිය (වෙන්නප්පුව ශුද්ධ වු පවුලේ බාලිකා, දුර පැනීම, තුන් පිම්ම), එන්. කේ බස්නායක (වලල ඒ. රත්නායක මැදි විදුහල, මීටර 3000 බාධක දිවීම), දෙව්රාණී පල්ලෙවත්ත (කෑගල්ල ශා.ජෝශප්, මීටර 100, මීටර 200), ශර්මිලා ජාන් (කොළඹ ගේට්වේ, මීටර 100, මීටර 200), දිල්ෂි කුමාරසිංහ (වලල ඒ. රත්නායක මැදි විදුහල, මීටර 800)

පුහුණුකරුවෝ
අයි. ඞී. පේ‍්‍රමසිරි, එස්. පී. කුලතුංග, ඉන්දික ජයසිංහ, යමුනා රත්නායක, ලාල් චන්ද්‍රසිරි (කළමනාකරු)

 


අදහස් (0)

ආසියානු කනිෂ්ඨ ශූරතාවලියට 24 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.