Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු දැල්පන්දු තරගාවලිය කල්යයි

ආසියානු දැල්පන්දු තරගාවලිය කල්යයි

editorial - 2024 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

සෞදි  අරාබියේදී  ලබන සැප්තැම්බර්  26 සිට ඔක්තෝබර්  6 වැනිදා දක්වා පැවැත්වීමට  නියමිත 13  වැනි ආසියානු දැල්පන්දු  තරගාවලිය කල් දැමීම  පිළිබඳව  අද  (16)අවසන් තිරණයක් ගන්නා බව ආසියානු  දැල්පන්දු  සම්මේලනයේ  සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා  මහත්මිය  පැවැසුවාය.

මෙම  තරගාවලිය සති දෙකකින් පමණ කල් දැමීමට සත්කාරක  සෞදි  අරාබිය විසින් කර ඇති ඉල්ලීමක් පිළිබඳව අද  සලකා  බැළෙන බව වික්ටෝරියා  මහත්මිය  එහිදී  පැවැසුවාය.

ශ්‍රී  ල‍‍ංකා  දැල්පන්දු  සම්මේලනයේ  වත්මන්  සභාපතිනියද වන වික්ටෝරියා  මහත්මිය  පැවැසුවේ තරගාවලිය පැවැත්වීම සදහා  සූදානම්  කර තිබෙන  රීයාද් නුවර  ක්‍රීඩා  සංකීර්ණය යොදා ගත් දිනවලදී වෙන් කර ගැනීමේ අපහසුවක් නිසා  සෞදි  තරග සංවිධායකයන් ඉල්ලීමක්  කර තිබෙන  බවයී.

මේ අතර  තරගාවලිය සෞදියේදී  පැවැත්වීමට අපහසුවක් පැන නැගෙන්නේ නම් එහි සත්කාරය තමන්ට ලබා දෙන ලෙස මේ වන විට පාකිස්තානය ඉල්ලීමක් කර ඇතැයිද වාර්තාවේ.

කෙසේ වූවත් ඒ පිළිබඳව  තීරණ වලට එළඹෙන්නේ  අද  පැවැත්වෙන ආසියානු  දැල්පන්දු  සම්මේලන ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදීය.තරගාවලිය කල් දැමීමෙන් පසුව නැවැත ඔක්තෝබර්  18 වැනිදායින්   පසුව තරගාවලියට දින යොදා  ගත හැකි බව සෞදි  තරග  සංවිධායකයෝ ප්‍රකාශ  කර තිබේ.

ශ්‍රී  ලංකාව මෙම  තරගාවලියට  සූදානම්ව මේ වන විට ක්‍ර්‍රීඩිකාවන්  18 දෙනකුගෙන් සමන්විත  සංචිතයක් කැදවා තිබේ.වසර 2022 සිංගප්පූරුවේදී අවසන්  වරට පැවැති  ආසියානු  දැල්පන්දු  ශූරතා තරගාවලිය ජය ගනිමින්  ශ්‍රී  ලංකාව මෙවර තරගාවලියට ඉදිරිපත් වේ.

 


අදහස් (0)

ආසියානු දැල්පන්දු තරගාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.