Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සෞදි අරාබියේදී කළින් යොදා ගත් දිනවලදීම මීළග ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලිය පවත්වා අවසන් කිරීමට සෞදි තරග සංවිධායකයන් මේ වන විට තීන්දුවකට පැමිණ ඇතැයි වාර්තාවේ. තරගාවලිය පැවැවීමට සැළසුම් කර තිබෙන රියාද් නුවර ක්‍රීඩා සංකීර්ණය එම දිනවලට වෙන් කර තිබියදී පසුව පැන නැගුණු බව කියන දුෂ්කරතාවක් හේතුවෙන් එය සති දෙකකින් පමණ කල් දැමීම සදහා සෞදි තරග සංවිධායකයන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත්ව තිබූ බව මෙහිදී වාර්තා විය.
13 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය රටවල් 16 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සූදානම් කර ඇත්තේ එළඹෙන සැප්තැම්බර් 21සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වාය.
කෙසේවුවත් මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී අදහස් දැක්වූ ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවැසුවේ සවුදි තරග සංවිධායකයන් මේ වන විට තරගාවලිය කල් දැමීමේ අදහස වෙනස් කර ගත් බවට ආසියානු දැල්පන්දු සම්මේලනයට දැනුම්දීමක් කර තිබෙන බවයි.
මේ සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ආසියානු දැල්පන්දු සම්මේලනයේ විධායක සභාව හා සෞදි තරග සංවිධායකයන් අතර පැවැති සාකච්ඡාවේදී ඇතිවූ එකගත්වය මත සෞදිය යොදා ගත් දින වලදීම තරගාවලිය පවත්වා අවසන් කිරීමට කැමැත්ත පළ කළ බවත් එහිදි ඇය පැවැසුවාය.
යොදා ගත් දිනවලදී පැවැත්වීමට අපහසු වන්නේ නම් එහිදි ආසියානු සම්මේලනය යෝජනා කර ඇත්තේ සෞදිය සත්කාරය දරන 2025 ආසියානු ආත්මාරක්ෂක (මාර්ෂල් ආර්ට්ස්) ක්‍රීඩා උළෙල පැවැත්වීමට බාධාවක් නොවන ආකාරයෙන් ලබන ජනවාරි මාසයේදී එය පවත්වා අවසන් කිරීමට තමන් අකමැති නොවන බවයි.
කෙසේවුවත් අවසානයේදී සෞදිය කළින් යොදා ගත් දිනවලදීම තරගාවලිය පවත්වා අවසන් කිරීමට එකග වීමෙන් ප්රශ්නය මේ වන විට විසදී තිබෙන බව වැඩිදුරටත් පැවැසූ ඇය ඒඅනුව 13 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය යොදා ගත් පරිදිම සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා සෞදි අරාබියේදී පැවැත්වෙනු ඇති බවත් පැවැසුවාය.
ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය මේ වන විට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේද සභාපතිත්වය උසුළයි.
දැඩි මතදාරී ඉස්ලාම් රාජ්‍යයක් වන සෞදිය ආසියානු දැල්පන්දු තරගාවලියේ සත්කාරයට පළමු වරට ඉදිරිපත් වීම ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්රයේ දැඩි අවධානයට යොමුවූ පුවතකි. එසේම ඔවුන් සත්කාරක රාජ්‍යය ලෙස ඊට කණ්ඩායමක්ද ඉදිරිපත් කිරීමට නියමිතය.
එහිදී තරගාවලියට සහභාගි වන කණ්ඩායම්හි ක්‍රීඩිකාවන්ගේ ඇදුමේ ඉතා සුළු වෙනස්කම් කීපයක් හැරෙන්නට තරගාවලිය මෙතෙක් පවත්වා ගෙන ආ ආකෘතියට අනුව පැවැත්වීමට ඔවුන්ගෙන් වෙනත් කිසිදු කොන්දේසියක් එල්ලවී නැතැයිද ආසියානු දැල්පන්දු සම්මේලනය පවසයි.
මේ වන විට ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන ශ්‍රී ලංකාව සතුව පවතී. ඒ ගියවර (2022) තරගාවලියේ ශූරියන් ලෙසය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.